මේ පාර කොහෙට ද? මාලිමාව පෙන්වන්නේ රනිල්ගේ පැත්ත Featured

Tuesday, 06 August 2024 13:38

මේ පාර කොහෙටද ඇහුවාම මාලිමාවට කිව් ලොකු පිරිසක් සිටියේය. නමුත් දැන් පාරෙදි වැඩිපුර හමු වන්නේ රනිල් ගැන හිතලා බලන්න ඔ්නෑ යැයි කියන අයය. ඒ කියන්නේ වැඩි දෙනෙක් මාලිමා පාරේ නොයන බවය. රනිල් දිහා බලන බවය.

පසුගිය 2019 ජනාධිපතිවරණයෙන් අනුර සහෝදරයා ජනාධිපති වෙනු ඇතැයි ජවිපෙ සහෝදර සහෝදරියන් වගේම මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා වුණු ජවිපෙ සහ ජාජබයේ නායක අනුර සහෝදරයා පවා සිතා සිටියේය. ගාලු මුවදොරට රැස් කළ සෙනඟ කන්දරාවට අනුරත් රැවටුණා කිව්වොත් හරිය. නමුත් ඡන්දයෙන් පසුව ලැබුණේ සියයට 3 කි. කොහොම නමුත් මෑත කාලයේ ජවිපෙ ඡන්ද පදනම සියයට 5 කට ආසන්නව පැවැතිනි. 2018 පළාත් පාලන මැතිවරණයේදීත් 5.75 ක ප්‍රතිශතයක් ලබා තිබිණි. ඒ උග්‍ර ආණ්ඩු විරෝධයක් ජවිපෙ විසින් නඩත්තු කරගෙන තිබුණු වකවානුවේදීය.

කොහොම නමුත් මාලිමාවට ජයවේවා කියන පිරිසට අනුව මීලඟ ජනාධිපතිවරයා ලෙස අනුර පත් වීමට නියමිතය. නායක අනුරත් බුද්ධි අංශයත් කිව්වා කියා දැන්ම තියා ජනාධිපතිට ඇඳගෙන සිටී. මේවා කොහොම මවා ගන්නා සිහින වුවත් ප්‍රායෝගික තත්වය නැතිනම් මැතිවරණයක දී ඡන්ද දායකයාගේ හැසිරීම ගැන සලකා බැලිමේදී මේවාට කියන්නේ දවල් සිහින කියාය.

ජවිපෙට මෙවර ජනාධිපතිවරණය බහුතර බලයකින් ජයගන්න නම් සියයට 50 ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලැබිය යුතුය. ඒ නැතත් අනෙක් අපේක්ෂකයන් අභිබවා ලක්ෂ 10 කවත් ඡන්ද පරතරයක් තබා ගහතොත් දෙවැනි මනාපය ගැනීමේදී අවස්ථාවක් උදා කර ගැනීමටද හැකිය.

මෙවර ඡන්දදායකයන් ප්‍රමාණය ලක්ෂ 171 කි. මෙවර සියයට 80 ක උපරිමයක් ඡන්දය පාවිච්චි කරන්නේ නම් එය සංඛ්‍යාත්මකව ඡන්ද 140 කට ආසන්න අගයකි. මේ අනුව සියයට 50 බහුතරය ලබාගන්න නම් ලක්ෂ 70 ඉක්මවා ඡන්ද ලැබිය යුතු වෙයි.

ඒ කොහොම නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී මාලිමාවට ලැබුණු 4,18,533 ක ඡන්ද වන අතර මහ මැතිවරණයේදී 4,45,958 ක් ලැබිණි. ඒ අනුව මෙවර 70 ලක්ෂය ඉක්මවා යෑමට නම් එමෙන් 16 ගුණයකින් පමණ ඡන්ද පදනම වැඩි විය යුතුය.

මාලිමාවට ඡන්ද අමුතුවෙන් පහළ වෙන්නේ නැත. මෙරට ඡන්දදායකයන්ගේ ඡන්දවලින්ම මෙය සම්පුර්ණ කර ගත යුතුය. මෙවර අලුත් ඡන්ද ලක්ෂ 10 ක් පමණ වෙතත් ඒ් සියල්ල මාලිමාවට ලැබෙනවා කියා උපකල්පනය කළත් එනම් පෙර වතාවන් හී දී අනෙක් දේශපාලන පක්ෂයකට ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන් අති බහුතරය මෙවර මාලිමාව තෝරා ගත යුතුය. එහෙත් එහෙම වෙනස් වීමේ ලකුණු මීට වසර දෙකකට පෙර අත් වින්ද දේශපාලන ආර්ථික අර්බුද සමයේ පෙනෙන්ට තිබු නමුත් දැන් තත්වයන් සැහෙන වෙනස්ය.

ඒ කෙසේ වෙතත් එහෙම කිසිවකු මාලිමාව තෝරාගන්න පෙළඹෙනු ඇත්තේ පෙර කවර පක්ෂයකට ඡන්දය පාවිච්චි කළ අයද යන්න සලකා බැලිය යුතුය.

පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵලය බැලුවොත් පොහොට්‍ටුව 68,53,690 (59.09%) ක්ද සමගි ජන බලවේගය 27,71,980 (23.09%) ක්ද ලබා ඇත. දෙමළ ජාතික සන්ධානය 3,27,168 (2.82%) ක්, එජාපය 2,49,435 (2.15%) ක්ද ලබා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හෝ එජාපයේ ඡන්ද මාලිමාවට හැරෙන්න ඉඩක් නැති තරම්ය. එමෙන්ම එය අගයෙන් කුඩාය. ඒ අනුව පොහොට්ටුවේ සහ සජබයේ ඡන්ද පදනම කඩා දමා එයින් මාලිමව පිරවිය යුතුය.

එහෙත් සජබය සිටින්නේ ද බලය ලබා ගත හැකි බවට විශ්වාසයෙනි. ජනප්‍රිය තලයකය. නව පක්ෂයක් ලෙස මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂය 27.7 ක් සමඟ 23% ක ප්‍රතිශතයක් ලැබීය. සජබයෙන් චම්පික, ෆොන්සේකා, වෙල්ගම, හරීන් මනූෂ ආදීන් සහ දෙමල මුස්ලිම් කණ්ඩායම් වෙන් වීම ඔවුන්ගේ ඡන්ද පදනමට සැලකිය යුතු හානියක් වී ඇති බව උපකල්පනය කළ හැක. කෙසේ නමුත් ඉදිරි දින කිහිපයෙ දී සජබයෙන් තවත් පිරිසක් ජනාධිපති රනිල්ගේ සහයට ඉදිරිපත් වේ නම් ඒ තත්වයන් තවත් බරපතල වෙනු ඇත. එහෙත් පසුගිය කාලයේ ග්‍රාමීය මට්ටමෙන් වන ජනප්‍රියතාවය වර්ධනය කරගැනීමක් සජබය පෙන්වන බැවින් එහි ඡන්ද පදනම රැකගැනීම සිදු විය හැකි බව මැතිවරණය ගැන කෙරුනු සමීක්ෂණ වාර්තා අනුවත් පෙන්නුම් කරයි.

මේ අනුව මාලිමාවට ඉතුරු වන්නේ පොහොට්ටුවට පාවිච්චි වූ ඡන්ද ප්‍රමාණයෙනුත් කොටසක් පමණි. ගෝඨාභය පාලන සමයේ වු වැරැදි නිසා පොහොට්ටු ඡන්ද පදනමට විශාල හානියක් විය. 2020 මහ මැතිවරණයේ දී සන්ධානගතව සිටි කණ්ඩායම් ගනනාවක් මෙවර වෙන්ව ගොස් ඇත. ශ්‍රීලනීපය, වීරවංශ ගම්මන්පිල සහ වාමාංශික පක්ෂ සමඟ වියත් මඟ පිරිසකුත් පොහොට්ටුවේ සිටි ප්‍රබල චරිත ගනනාවක්ව එයින් වෙන් වී සිටී. එමෙන්ම වතුකරයේ තොන්ඩමාන් පාර්ශ්වය නැතිනම් ලංකා වතු කම්කරු සංගමයද මෙවර උදව් කරන්නේ ජනාධිපති රනිල්ටය. මෙම සියළු දෙනාම එකතු කළ ඡන්ද පොහොට්ටුවේ ඡන්ද විය.

මේ වන විට ජනාධිපති රනිල්ගේ සහයට පොහොට්ටුව නියෝජනය කළ මහජන නියෝජිතයන් සියයට 90 ක් පමණ ඉදිරිපත්ව සිටී. මේ අනුව පොහොට්ටුව ලෙස ඉතිරිව ඇත්තේ රාජපක්ෂ හිතවාදී සුළුතරයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ අනුව පොහොට්‍ටුවට මහ මැතිවරණයේ ලැබුණු 59% දැන් විසිර පවතින්නේ ජනාධිපති රනිල් වෙත ඉන් බහුතරය එකතුකරමින්ය.

එමෙන්ම පෙර මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ පාවෙන ඡන්දදායකයන් ලෙස වර්ග කළ හැකි පිරිසේ බහුතරය තවමත් කිසිදු පක්ෂයකට සිය කැමැත්ත ලබාදීම ගැන තීරණයක් නැති නිද්‍රාශිලී ප්‍රතිශතයක සිටින් බවත් පෙනෙන්නට තිබේ. සමීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ එය සියයට 30% - 40% ක තරම් ඉහළ අගයක පවතින බවය.

එසේම 2020 මහ මැතිවරණයේ දී එජාපය කැඩී වෙන් වීම තුළ පෙර කළ එජාපයට ඡන්ද දුන් නමුත් වෙනත් කිසිදු පක්ෂයකට ඡන්දය පාවිච්චි නොකළ කළකිරුණු පිරිසක් ගෙදර නතර විය. එය සජිත්ට හෝ ජවිපෙට හෝ පොහොට්‍ටුවට ගියේ නැත. මෙවර එවැනි ඉරණමක් පොහොට්‍ටුවට හිමි විය හැකිය. ඒ් පොහොට්‍ටු රාජපක්ෂ හිතවාදීන් රාජපක්ෂ නොවන අයකු සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම මත නිද්‍රාශිලී පිළිවෙතකට මාරුවීම විය හැකි නිසාය. නමුත් මෙවර කලින් එජාපයට පාවිච්චි නොවු ඡන්ද සහ පොහොට්‍ටුවෙන් සහ සමගියෙන් කැඩී වෙන්වූ විශාල ඡන්ද ප්‍රමාණයක් ජනාධිපති රනිල්ට එකතු වෙනු ඇත. ඒ මේ වන විට ජනාධිපති රනිල් ලබා ඇති ජනප්‍රියත්වය සහ ඔහු ශක්තිමත් රාජ්‍ය නායකයකු ලෙස ගොඩනගාගෙන ඇති විශ්වාසය නිසාය. මේ අනුව පැහැදිලි තත්වය නම් මේ වන විටත් ජනාධිපති රනිල් බහුතර ඡන්ද සංඛ්‍යවත් අතැතිව ජනාධිපතිවරණයට පිවිස ඇති බවය.

ඉතිරිය පාවෙන ඡන්ද වලට ආමන්ත්‍රණය කිරීමේ දක්ෂතාවය අනුව තීරණය වෙනු ඇත. මෙම ඡන්ද ගොඩෙන් බහුතර ප්‍රමාණයක් ජනාධිපති රනිල් වෙත හැරෙනු ඇති බව පෙර ඡන්ද අත්දැකීම් අනුව කල්පනා කළ හැකිය. දිනන අපේක්ෂකයා, විශ්වාසය සහතික කළ හැකි අපේක්ෂකයා, ලෙස ජනාධිපති රනිල් පෙරට ඒම තුළ මේ පාවෙන ඡන්ද හැරීම සිදුවෙනු ඇත.

ඒ අනුව මාලිමාවට තරග කරන්න වෙන්නේ පාවෙන ඡන්ද කොටාවෙන් කුඩා ප්‍රතිශතයක් ලබා ගැනීම වෙනුවෙන්ය. එයින් යම් ආශ්චර්යයකින් හෝ සියයට10 ක් අත්පත් කරගන්න මාලිමාව සමත් වුවත් මාලිමාවේ සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ක ආසන්න තැනකට සීමා වෙනු ඇත. ඒ හැරෙන්න ඔහුන්ට අමුත් ඡන්ද ලැබීමේ වෙනත් අවස්ථාවක් නැත. මේ අනුව ජනාධිපති රනිල් බහුතරය අත්පත් කර ගැනීම සිදු කරනු ඇත.

මේ වන විට පෙනෙන්න තිබෙන සත්‍ය තත්වය එසේය. මැතිවරණ උණුසුම ක්‍රමයෙන් වැඩි වෙද්දි මේ තත්වයන් වෙනස් විය හැකි නමුදු විශාල වෙනසක් වීමට නියමිත නැත. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට අවතීරණය වී තවම කෙටිකාලයකි. ඒ කොහොම නමුත් මේ වන විට සමාජ ජාලා වල මෙන්ම මහ පොළොවෙත් මීට සති කිහිපයකට පෙර තිබූ සජබ ජාජබ රැලි දැන් අඩු වෙමින් පවතින බවත් ජනාධිපති රනිල් ඉස්මතු වෙමින් පවතින බවත් නිරීක්ෂණය වේ.

මේ අනුව රටේ බලය අල්ලාගැනීමට විපක්ෂය දකින සිහින දවල් සිහින වලට වඩා දෙයක් වීමේ ඉඩ කඩක් නැත.

Last modified on Tuesday, 06 August 2024 13:45

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us