රනිල්ගේ සහයට හොරු - අපරාධකරුවන්ගේ සහයට මාලිමාව Featured

Tuesday, 06 August 2024 12:19

රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් දායකවීමට පොහොට්‍ටු පක්ෂයේ මැති ඇමැතිවරුන් තීරණය කිරීම මාලිමා පාක්ෂිකයන්ගේ විරෝධයට හේතු වී ඇත. රනිල් මේ හොරු සමීප කරනොගත්තේ නම් රනිල්ට ඡන්දය දීමට සිටියාක් මෙන් මේ විවේචනය බරපතලව ගෙන එමින් තිබේ.

රට අර්බුදයට ගිය මොහොතේ රටේ වගකීම බාරගෙන කාටත් කලින් රට ගොඩනගන්න සියලු දෙනා එකතු වී වැඩකරමු යැයි ආයාචනා කරමින් රනිල් මුලින්ම කතා කළේ මේ විපක්ෂයටය. නමුත් ඒ කිසිවකුත් ඒ පිළිගත්තේ නැත. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවත් පක්ෂ දේශපාලනය පැත්තකට දමා රට ස්ථාවර කරගැනීම දක්වා වන කාලයක් වන තෙක්වත් එකතුව වැඩ කරමුය, කියන ආරාධනාව නැවත නැවත කළ නමුත් විපක්ෂය නෑසු කන් ඇතිව සිටියේය. ඊයේ පෙරේදා වන තෙක්ම ජනාධිපති රනිල්, විපක්ෂයෙන් මෙම ඉල්ලීම කළේය. නමුත් ආවේ නැත. නමුත් රනිල් තමන් භාරගත් අභියෝගය අත්නොහැර ඉතිරි වූ විකල්පය අනුව සිය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළේය.

ජනාධිපති රනිල් පසුගිය දෙවසර තුළ, බංකොලොත් වුණු රට නැවත ගොඩගෙන ආර්ථිකය ස්ථාවර කරනු ලැබුවේ මේ හොරුය වංචාකරුවන්ය දුෂිතයන්ය යනුවෙන් විපක්ෂයේ චෝදනාවට ලක්වුණු පුද්ගලයන්ගෙත් සහය ඇතිවය.

විපක්ෂය මේ රට ගොඩනැගීම වෙනුවෙන් වචනයකින්වත් දායක නොවීමට තීරණය කර සහ එම වැඩපිළිවෙලට බාධාකරමින් කඩාකප්පල්කාරී වැඩ වල යෙදෙමින් සිටියදීත්, ජනාධිපති රනිල්ට තරුණ මන්ත්‍රීවරු සහ මේ හොරුන්ය කියන මන්ත්‍රීවරුන්ගේ සහයත් ලබාගෙන රට නිවැරදිව පාලනය කිරීමට සමත් විය.

එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේ දී රනිල්ට සහයෝගය දීමට ඉදිරිපත්ව සිටිනවා කියන මේ හොරු වෙන කොහෙවත් සිට හදිස්සියේ පැමිණ රනිල්ට සහයෝගය දෙනවා ද නොවේ. එ් අය හිටියේ වත්මන් ආණ්ඩු පක්ෂයේය. රනිල්ගේ ප්‍රතිපත්ති, වැඩ පිළිවෙල පිළිගෙන රට ගොඩනැගුමේ අසීරු කාර්යභාරයට මේ අයද කර තබා තිබිණි. නමුත් මේ හොරුය කියන අය හොරකම් කරන්න රනිල්ට හේත්තු වී සිටියේ නැත. හොරකම් කරන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුණේද නැත. රනිල් ඒ සඳහා තිබෙන සියලු ඉඩකඩත් අවුරා තිබිණි.

රට ගොඩනැගුම වෙනුවෙන් අවංක අභිලාශයක්, එ් වෙනුවෙන් නිවැරදි වැඩ පිළිවෙලක්, සැලසුමක් සහ සෘජුව දැඩිව තීන්දු තීරණ ගත හැකි නායකත්ව පෞර්ෂක් තිබෙන විට එ් යටතේ මොන හොරා හිටියත් එ් හොර වැඩ වලට අවස්ථාවක් ලැබෙන්නේ නැති බවත් රනිල් ඔප්පු කර පෙන්වා ඇත.

හොර වැඩ කරන්න ගියොත් සිදුවන්නේ කුමක්ද යන්නත් රනිල් පෙන්වා ඇත. රටේ නීතියත් අධිකරණයත් නියමාකාරයෙන් ක්‍රියාත්මක වන බවත් රනිල් පෙන්වා ඇත. ඒ තබා හොරකම වංචා දූෂණ අපරාධ නාස්තිය අකාර්යක්ෂමතා වලක්වාලමින් රාජ්‍ය යාන්ත්‍රණය වේගයෙන් දුවවන්න අවශ්‍ය නව නෛතික රාමු ඇති කිරීම සහ ප්‍රයෝගික වැඩපිළිවෙල ද රනිල් ක්‍රියාත්මක කිරීම ද කළේය. දුෂණ වංචා වලක්වන්න තවත් අමුතුවෙන් ගෙන එන්න කිසිවක් නැති වන තරමට සියල්ල සම්පූර්ණ කර තිබේ. පැවැති සිස්ටම් වෙනස් කර රට ඉල්ලා සිටි සිස්ටම් එකට රට යළි ගොඩනැගීම සඳහා අලුත් පදනම දැමීම දැන් සිදු කර අවසන්ය.

අතිශය සාර්ථක ලෙස දියුණු ආදර්ශයක් ලබා දී ඇති නායකයකු යටතේ හොරු දහසක් සිටියත් වැරැද්දක් වන්නට ඉඩක් නැත. වැරැද්දක් වූවත් වරදට දඩුවම් දී එය නිවැරදි කරගැනීමේ හැකියාවද සකස් කර ඇත. මේ නිසා රනිල් සමග හොරු සිටියා කියා බිය වීමට හේතු නැත.

හොරු සමග විසීම විපක්ෂයට බිය ගෙන එන්නක් නම් එය ඔවුන්ගේ වරදකි. ඒ හොරකම් අපරාධ ආදිය වලක්වා ගැනීමට ඔවුන්ට නොහැකිවීම, අසමත්කම ගැන තිබෙන බය සැක අනුව හැකිය. නැතිනම් තමනුත් හොරුන් බව දන්නා නිසාය.

ඒ කොහොම නමුත් විපක්ෂයේ අය තමන් ළඟ ඉන්නෙ හොරු නොවේ යැයි කියන අතර තුර, රට ගොඩනැගුමට කිසිදු සහයක් ද නොදී සිටීම, මේ හොරුන් කියන අය කළ වැරැදිවලට වඩා, විපක්ෂය රටට ජනතාවට හානියක් කළ වුන් ලෙස හැඳින්වීම වරදක් නොවේ. මන්ද රට මුහුණ දුන් බරපතල තත්වයන් ගෙන් මුදවා ගැනීම ඒ සියල්ලට වඩා වැදගත් වූ බැවිනි. අතීතයේ කවුරු අතින් කවර වැරැද්දක් සිදුව තිබුණත් එය අමතක කර මේ මොහොතේ රට වෙනුවෙන් එකතුවෙමු යැයි ජනපති පැවැසූවේ එබැවිනි. නමුත් විපක්ෂය ඒ යුතුකම වගකීම කර හැරියේය. තවත් ලෙසකින් කිවහොත් විපක්ෂය රටට ජනතාවට ද්‍රෝහී විය.

ජනාධිපතිවරයා විපක්ෂයේ බාධා කිරීම් මධ්‍යයේ හෝ මඩ අවලාද අපහාස මධ්‍යයේ හෝ මේ හොරුය කියන අය සමඟ රට ගොඩනැගුමට කළ මෙහෙවරට, අලගු තියන්න මේ විපක්ෂයේ සුපේක්ෂල ශික්ෂාකාමී ප්‍රතිපත්තිධාරීන් කියන සුදනන්ට කිසිදා කළ නොහැකිය. මන්ද ඒ තරම් සුවිශේෂි ‌ෙඑතිහාසික යුග කාර්යභාරයක් වන නිසාය. එදා මේ කියන හොරු ටික නොවන්නට රට තවදුරටත් අගාධයකට වැටී මහා නරකාදියක් වී විනාශවී යෑමද විය හැකිව තිබිණි. එසේ වුවා නම් මේ වන විට පෝලිම් හැදෙන්නේ කනත්තටය. වැළලෙන්නටය.

ඒ නිසා මේ කියන හොරු ජනපති රනිල් සමග එකතු වී රට වෙනුවෙන් කළ මෙහෙවර සියල්ලට වඩා මේ මොහොතෙ රටට වටින්නේය. අඩුම තරමින් මේ කාලය තුළ ඔවුන් සිදු කළ දෙයට කළ ගුණ සැලකිය යුතුය. විපක්ෂයත් ඒ අගය කිරීම කුහකකමින් තොරව කළ යුතුය.

එමෙන්ම හොරෙකට හෝ වෙනයම් අපරාධකරුවකුට තමන් කළ වැරදි අත්හැර යහපත් මනුස්සයකු වීමේ හැකියාවක් තිබෙන බව විපක්ෂයට තබා කිසිදු මනුස්සයකුට බැහැර කළ නොහැක. හැම නරක් මිනිසකු තුළම කුමක් හෝ හොඳ ගති ගුණයත් තිබෙනවා යන්නත් බැහැර කළ නොහැකි සත්‍යයකි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට අනිවාර්යෙන්ම එය පිළිගැනීමට සිදු වෙනු ඇත.

ජවිපෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නියැලෙන්නෙ ඉස්සර කළ මිනිමැරුම්, මංකොල්ලකෑම්, රාජ්‍ය දේපොළ විනාස කිරීම් වැනි අපරාධ දැන් කරන්නේ නැතැයි කියන පොරොන්දුව මතය. අද මාලිමාව නමින් වන පිරුවටය තුළට ජවිපෙ එන්නේ අපි දැන් වෙනස් අපි දැන් හොඳ ළමයින් වෙලා කියමින්ය. මේ නිසා තමන්ට වඩා යහපත් මිනිස්සු තමන් සමග එකතු වේ යැයි ජවිපෙ කල්පනා කරන්නේ, නරක මිනිසුන්ට හොඳ මිනිසුන් වීමේ අවස්ථාවක් තිබෙන නිසාත් එය සමාජය පිළිගන්නා නිසාත්ය.

මේ නිසාම අද ජවිපෙට වෙනදා විරුද්ධව සිටි අයත් එකතුවීමක් දකින්ටද ලැබේ. එ් අය එකතු වන්නේම ජවිපෙ දැන් හොඳ යැයි කියන විශ්වාසයත් එක්කය. මිනිමරපු අපරාධ කරපු ජවිපෙ තමන්ගේ ඒ ප්‍රතිපත්ති අතහැර මාලිමා ප්‍රතිපත්ති වැලඳ ගෙන වඩාත් හොඳ ලෙස පෙනී සිටිම වරදක් නැත. මාලිමා වියතුන්, මිනීමරු ජවිපෙට සහය දැක්වීම ගැනත් යම් විවේචන තිබුණත් එය ද පිළිගත යුතු නැත. වෙනස්වීමේ අයිතිය නිදහස ඔ්නෑම කෙනෙකුට තිබේ. කොහොම නමුත් මේ දේශපාලනය තුළ ජවිපෙ නොමැතිව මාලිමාකරුවන්ට පැවැත්මක් නැති සේම ජවිපෙට මාලිමාකරුවන්ගේ සහය නැතිව පැවැත්මක් නැත. දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් මොන යකා සමඟ හරි එකතුවීම දේශපාලනයේ දී වැදගත් නිසා මේවා එතරම් ප්‍රශ්නද නොවේ.

ඒ අනුව රනිල්ට හොරු කියන අය එකතු වීමත්, මිනිමරු අපරාධකාරී ජවිපෙට මාලිමාවට ජය වේවා කියමින් යහපත් මිනිසුන් ටිකක් එකතු වීමත් දෙකක් නොවේ එකම සංසිද්ධියය.

දැන් සජබයට, රට බංකොලොත් කිරීමට ගොඨාභයට උපදෙස් දුන් පොහොට්‍ටු පක්ෂයේ න්‍යායචාර්යවරුන් කොටසක් එකතු වී සිටියි. ඒ අතර නාමල් රාජපක්ෂ පවා සජබයට සහය වන බවත් පැවැසේ. සජිත් මේ අය ලං කර ගන්නේ මේ අය බොරුකාරයන්, රැවටිලිකාරයන්, ලනු දෙන්නන්, දුෂිතයන් බව නොදැන නොවේ. ඒ අය දැන් හොඳයි කියා කල්පනා කර කලින් කළ කෂඩකම් නැවත නොකරනු ඇතැයි විශ්වාසයෙනි. පොහොට්ටවේ අය සජිත්ට එකතුවන්නෙත් සජිත්ගෙන වැරැද්දක් අඩුපාඩුවන් නොවේ යැයි විශ්වාසයෙනි.

රනිල්ට සිය දේශපාලනික ජයග්‍රණයන් වෙනුවෙන් එකතු කර ගන්න වෙන්නෙ හොරුන් නම් එ් හොරු ටික සමග එක පෙළට සිට ගැනීමට සිදු වීමත් මාලිමාකරුවන්ට ජවිපෙ වැනි මිනීමරු පක්ෂයක් සමග සිට ගැනිමට සිදු වීමත් සජිත්ට පොහොට්‍ටුවේ දූෂිතයන් සමග සිට ගැනීමට සිදුවීමත් දේශපාලනිකව වැරදි නැත. රනිල් හොරු සමග සිට ගැනීම පමණක් වැරදි වන්නේ නැත.

දේශපාලන අරමුණු ජය ගත යුතුය. නමුත් මේවා වෙනුවෙන් ගන්නා තීරණ වැරැදි විය හැක්කේ හොරු හොරකම් කරන ගත්තොත්ය. මිනීමරුවන් මිනීමරන්න ගතහොත්ය. ඒවාට ඉඩ අහුරන්නේ නැති නම්ය. දඩුවම් නොදෙන්නේ නම්ය. එය එසේ නොවන තාක් කල් එ් සන්ධාන වල වරදක් නැත.

කොහොම නමුත් මේ විපක්ෂයට රනිල්ව විවේචනය කළ යුතු නම් ඔහුගේ ප්‍රතිපත්ති වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම ගැන එහි සාර්ථක අසාර්ථකත්වයන් ආදිය ගැන විවේචනය කිරීම විය යුතුය. මන්ද මේ මොහොතේ රටට වැදගත් වන්නේ එයය. රනිල් ඉන්නේ හොරු එක්කද සුපේක්ෂල ශික්ෂාකාමී ප්‍රතිපත්තිධාරීන් එක්ක යන්න වැඩක් නැත.

Last modified on Tuesday, 06 August 2024 12:36

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us