මේරියන්ස්ලා සමඟ සිටි කුසලතා සපිරි වාදකයා වන ප්‍රසන්න රෝසා අලුත්ම වැඩකට මුල පුරලා. ලෝකය පුරාම ඉන්න නවක ගායක, ගායිකාවන් ගේ ගීත ඇතුළත් කරගෙන ඔහු සංගීතමය වෙබ් සයිට් හදලා.

ඒක නම් කරලා තියෙන්නෙ සිංෆොනි (https://www.singfony.com) කියන නාමයෙන්.

මේ නැවුම් කටයුත්ත ඉටු කරන්න ඔහු සමඟ ඉතාලියේ ඉන්න ජූඩ් අර්ඩ්ලි හා සම්පත් කියන යාළුවො දෙදෙනත් එකතු වෙලා. මේ වෙබ් අඩවියේ මහ මොළකරයා ජූඩ් අර්ඩ්ලි.

ලෝකය පුරාම විසිරිලා ඉන්න ගායක, ගායිකාවන්ට තමන්ගේ ගීතය මේ හරහා එළි දැක්වීමේ අවස්ථාව හිමිකර දීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. මේ සඳහා අන්තර් ජාලය ඔස්සේ ලියාපදිංචි වී නවක ගායක ගායිකාවන්ට සිය සාමාජිකත්වය ලබාගත හැක.

මේ සංගීතමය වෙබ් සයිට් එක නිල වශයෙන් විවෘත කලේ ගිය මාසයේ 28 වැනිදා ඉතාලියේ මිලානෝ නගරයේ දී. අප එහෙම පවසන්නේ නිල නොවන වශයෙන්, මේ වනවිට සිම්පනි ආරම්භකර මාස 2 ක් පමණ ගත වී ඇති නිසයි.

මේ වෙබ් අඩවියේ පළමු කටයුත්ත ලොවපුරා සිටින ආධුනික ගායිකාවන් අතර තරගයක් පැවැත්වීම බව ප්‍රසන්න රෝසා කියා සිටී. තරගයේ ජයග්‍රාහකයා තේරෙන්නේ මේ අඩවියට එක්ව සිටින සාමාජිකයන්ගේ මනාපය අනුව බවද වාර්තා වේ.දැනටමත් මෙහි සාමාජිකයන් පිරිසක් සිටින බවත් තරගයේ ජයග්‍රාහකයාට ලක්ෂ 5ක් ජයග්‍රාහී මුදලක් හිමිවන බවද වාර්තා වේ.

0094712236841 – 0773011306 වගේම 00947288065, 00393282562126 යන දුරකථන අංකවලට කතා කළොත් වැඩි විස්තර දැන ගැනීමට ඔබට හැකියාව ලැබෙවී

වීරත්වය මනුෂ්‍යත්වය පමණකින්ම ඔපකළ මේ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන අත්දැකීම ජයන්ත චන්ද්‍රසිරි 'මහරජ ගැමුණු' නමින් සිනමාවට දැවැන්ත නිෂ්පාදන වියදමකින් යුතුව නිර්මාණය කර ඇත. මෙහි නිෂ්පාදක ගුණපාල රත්නසේකරය .

වසර කිහිපයක ගවේෂණයකින් පසු තිර රචනය කරමින් අධ්‍යක්‍ෂණය කළේ ප‍්‍රවීණ සිනමා නිර්මාපක ජයන්ත චන්ද්‍රසිරි විසිනි. මෙම සිනමා නිර්මාණයේ උද්දික පේ‍්‍රමරත්න, ජැක්සන් ඇන්තනී, යශෝදා විමලධර්ම, කුසුම් රේණු ඇතුළු නළු නිළියන් විශාල සංඛ්‍යාවක් රංගනයෙන් දායක වී තිබේ .

මෙම දැවැන්ත සිනමා නිර්මාණයේ http://www.maharajagamunu.lk/ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදු හැරීමේ උත්සවය මෙම මස 25 දින සවස 4.00ට ජාතික චිත‍්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී සුවිශේෂී ආරාධිතයින් පුමුඛ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය. මහරජ  ගැමුණු සිප්වින් චිත‍්‍රපට ඉදිරිපත් කිරීමකි.

(mirrorarts)

රාජාසනයක නොහොත් සිංහාසනයක ඉඳගන්න කරන යුද්ධය සුළුපටු නැහැ. බලය ලබාගන්න රජ වෙන්න මිනිස්සු කීයකගෙ ජීවිත බිලි ගන්නවද? ඉතිහාසෙත් එහෙමයි. අදත් එහෙමයි. ඔටුනු නොපැළඳුවත් බොහෝ රටවල් වල නායකයො ඉන්නෙ තමන් රජෙක් කියලා හිතාගෙන තමයි.

එංගලන්තෙ එලිසබෙත් රැජින අවුරුදු ගණනාවක් රජකම් කරනවා. ඇයට ලෝකයේ සියලුම රජවරුන් රැජිනක් හැටියටම සළකනවා. කාලෙක ඉඳන් H.B.O. නාලිකාවේ යනවා සිහාසනය වෙනුවෙන් රජ වීම වෙනුවෙන් යන ගේම් එකක් එහෙමත් නැත්නම් අපි කියන්නේ කවුරුත් දන්නෙ Game Of  Thrones කියලා. ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයො අතරත් හුගක් ජනප‍්‍රියයි. මෙය අමෙරිකන් මන: කල්පිතයක්. මෙහි රූගත කිරීම් සඳහා විවිධ රටවල්වල පසුතලයන් යොදා ගන්නවා.

පසු ගිය 23 වෙනිදා එංගන්තෙ මහරැජින නොහොත් එළිසබෙත් රැජින සහ පවුලේ අය උතුරු අයර්ලන්තෙ සංචාරයකට එක්වූ අවස්ථාවේ එම සංචාරයේ එක් අවස්ථාවක් වූයේ බෙල්පාට්ස් හි ඇති Game Of  Thrones සෙට් එක බලන්න ගිහිල්ලා. රැජිනගෙ වඩාත්ම සිත් අරගෙන තිබුනෙ සිංහාසනයයි. ඇයට සිංහාසනය අලුත් දෙයක් නෙමේ. ඒත් ඇය එහිදී ඒ සිංහාසනය සුවිශේෂී කැමැත්තක් දක්වලා තිබුනා. හැබැයි ඇය නියම රැජිනක් බව ඔප්පු වෙන්නේ විහිළුවටවත් ආශාවක් හිතිලා ඒ සිංහාසනේ නම් ඉඳගෙන නැහැ.

සාමාන්‍යයෙන් සැබැ රාජකීයත්වයක් ඇති අය ඒ ආකාරයේ සහසුන්වල අසුන්ගන්නෙ නැතිව ඇති. රාජකීය අමුත්තන් මේ ආකාරයට සෙට් එකට පැමිණීම නිර්මාණ කණ්ඩායම ට ගෞරවයක් සහ සතුටක් වීම නොඅනු මානයි.

(mirrorarts)

රංගන ශිල්පිනියක්ල නර්තන ශිල්පිනියක් නිවේදිකාවක් මෙන්ම නිරූපිකාවක් වන නිපුණි විල්සන්ගේ උපන් දිනය ඊයේ දිනයට යෙදී තිබුණා.

බොහෝ ජනප්‍රිය නළු නිළියන් විශාල පිරිසක් එකතු කර ගනිමින් සමාජයේ ප්‍රබල චරිතඑකතු කර ගනිමින් උපන් දිනය සමරද්දී නිපුණි තම උපන් දිනය සැමරීමට තෝරාගෙන තිබුණේ මහරගම පිළිකා රෝහලේ ළමා අංශයයි. එම අවස්ථාවේ ඡායාරූප පෙලක් පහතින් බලන්න.

(nethfm)

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us