‘‘දිවයිනේ ප්‍රධාන ම පක්ෂ දෙක වූ කොළ පාට පක්ෂයට හා නිල් පාට පක්ෂයට ‘‘තුන්වැනි බලවේග’’වල උපකාරය නැති ව ඡන්ද දිනිය නොහැකි බව නොදත්තෙක් නැත. එම තුන්වැනි බලවේග අතරට සන්නද්ධ විප්ලව කරන්නට ගොස් දෙවතාවක් ම අන්ත පරාජයට ලක්වූ රතු පක්ෂය ද, මුස්ලිම් හා දෙමළ වෙළඳසැල් වර්ජනය කිරීමේ ව්‍යාපාරය ගෙන යන ‘‘භූමි’’ පක්ෂය ද, නැති කර දමන ලද කොටි සංහතිය ගැන තවමත් ශෝක වෙමින් සිටි ‘‘දෙමළ සංගමය’’ ද, කුමන පක්ෂයක් ආවත් පිල් මාරු කරමින් තම ව්‍යාපාරය ගෙන යන ‘‘මුස්ලිම් ලීගය’’ ද, ඇතුළත් විය.

‘‘දීඝාභය කුමාරයා ද්‍රෝහියෙක් විදියට හංවඩු ගැහුවට ඇත්තට ම ඔහු ද්‍රෝහියෙක් නෙවෙයි. ඔහු ඉතාමත් දූරදර්ශී යුද සෙනෙවියෙක්. ඔහුගේ දූරදර්ශි බව නොවන්නට ගැමුණු කුමාරයාට විජිතපුර බලකොටුව ජයගන්න බැහැ”
 
මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා මෙසේ අදහස් දැක්වූයේ එතුමාගේ 87 වන සාහිත්‍යය නිර්මාණය වන ‘‘විජයග‍්‍රහණයේ වීරයා - දීඝාභය කුමාරයා” කෘතිය එළිදක්වන මොහොතේ පැමිණ සිටි පිරිස අමතමිනි. 

 
මෙදින හෙළි වූ තවත් සුවිශේෂ කරුණක් වූයේ එතුමා පසුගිය (දෙසැම්බර්) 18 වන දින සිය 87 වන ජන්ම දිනය සැමරූ බවයි. මෙය දෛවෝපගත සිදුවීමකි.
 
‘‘ජයග‍්‍රහණයේ වීරයා - දීඝාභය කුමාරයා” කෘතිය මරදාන එස් මහින්ද මාවතේ දයාවංශ ජයකොඩි සමාගමේ ප‍්‍රකාශනයකි. පැමිණ සිටි පිරිස ඇමතූ බන්දුසේන ගුණසේකර මහතා වඩිදුරටත් සිය අදහස් දක්වමින් මෙසේ පැවසී ය.
 
‘‘ඉතිහාසයේ විවිධ කාලවලදි සිදුවුණ දේවල් යළි යළිත් සිද්ධ වෙනවා. වර්තමානයේ සිද්ධ වෙමින් පවතින්නෙත් එබඳු දේවල්ම යි. අද මේ රට සංස්කෘතික, සදාරාත්මක, ආගමික සහ සභ්‍යත්වය අතින් අන්තිමට ම පිරිහිලා. මේ වගේම රට පිරිහිලා තිබුණු යුගයක තමයි දීඝාභය කුමාරයා රජ රටට පැනල යන්නෙ. එතුමා පැනල ගියපු වෙලාවෙ රටේ බලවත් යැයි නම් දරාපු බොහෝ දෙනෙක් එතුමා ද්‍රෝහියෙක් විදියට නම් කළා. නමුත් තිස්සමහාරාමයේ ත‍්‍රිපිටකතිස්ස හිමියෝ සහ සිලාපස්ස පිරිවෙනේ වැඩසිටි මහාසීව හිමියෝ පවසා සිටියේ එතුමා ගේ පලා යාම දුරදක්නා විචාරවත් ක‍්‍රියාවක් විදියට. ඒ එක්කම කුණ්ඩල බ‍්‍රාහ්මණ අචාර්යතුමා සහ ජයනාත සිටුතුමත් දීඝාභය කුමාරයාගේ නික්මයාම පිළිබඳව අවධාරණයෙන් බලා සිටියා. ඔහුට දොස් පවරන්න ගියේ නැහැ. ඒ වගේ ම එළාර රජතුමාගේ ව්‍යාජ ධර්මිෂ්ටකම සැබෑ ධර්මිෂ්ටකමක් බවට පත්කරන්න පුළුවන් වුණෙත් දිඝාභය කුමාරයා එළාරට එකතු වුණාට පස්සෙ. ඒ සිද්ධියෙන් බොහෝ දෙනෙක් එළාර ගැනත් දීඝාභය කුමාරයා ගැනත් පුදුමයට පත්වුණා.
 
මෙහි විශේෂ ම සිද්ධිය තමයි දීඝාභයගෙ තාත්ත ඒ කියන්නෙ කාවන්තිස්ස රජතුමා දීඝාභය පලා ගියපු වෙලාවෙ කිව්වෙ ‘ඌ ද්‍රෝහි වුණේ ගැමුණුට නෙවෙයි මට’ කියල. නමුත් ඇත්ත තත්ත්වය වටහාගත්තට පස්සෙ කිව්වෙ මොකක්ද? ‘දීඝාභය මගේ ශවෙර බිසවගේ අතිජාත පුතා’ කියල. ඒ නිසා අද සිදුවෙන ඇතැම් සිදුවීම් දිහා වුණත් පටු විදියට නොබලා දූරදර්ශිව බලන්න අපි හුරු පුරුදු වෙන්න  ඕන.”

දැනට වාරණ මණඩලයේ උදහසට ලක්ව තිබෙන ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටය සඳහා නීතියේ පිහිට පතා එහි විශේෂ දර්ශනයක් පසුගියදා නීතීඥ සංගමය ඉදිරියේ පැවැත්විණි.

උඩරට නර්තන සම්ප්‍රදායේ පවතින ශීර්ෂාභරණ මංගල්‍ය නර්තන අභිෂේකකෙරේ.

ඉන්දියාවේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටයක් වූ ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටය මුම්බායිහි සිනමා ශාලාවක් තුළ සති දහසක් හෙවත් දින හත් දහසක් ප‍්‍රදර්ශනය කරමින් නව වාර්තාවක් පිහිටුවා අැත.

Bertolt Brecht ගේ ' he who says yes' වන කෙටි නාට්‍ය' සිරිත වන්දනා කිරීම'ලෙසින් සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න විසිනි . මුල්වරට 'සිරිත වන්දනා කීරීම' ශ්‍රී ලාංකීය වේදිකාව මත රඟ දැක්වුණේ 1987 දීය. 27 වසරකට පසුව නැවතත් නාට්‍ය වේදී විජිත ගුණරත්නගේ අධ්‍යක්ෂණය යටතේ ' සිරිත වන්දනා කීරීම' 2014 දෙසැම්බර් 14 වැනිදා ඉතාලියේ Brescia හී සාන්ත අෆ්රා දේවස්ථාන රංග ශාලාවේදී වේදිකා ගත කිරීමට නියමිතය.

සරෝජ් පතිරණ ‘ද්‍රෝහියාගේ දියණිය’ නමින් රුසියානු භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කළ රුසියානු විද්‍යාඥවරියකගේ ආන්දෝලනාත්මක චරිතාපදානය Traitor's daughter  කෘතිය පිළිබඳ සංවාදයක්, දෙසැම්බර් 05 වැනි සිකුරාදා සවස 3.00ට රාජගිරියේ පාක් ලේන් හි අංක 1003/4 දරන තැන පිහිටි ‘ත‍්‍රිකෝණෙ’ සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වේ.

කුඩා කාලයේ සිට පීතෘ වියෝග කාංසාවට මුහුණ දෙන ඇන්ටනි චිත්තාවේගීය වශයෙන් අසමබර වේ. ළදරු වයසේ තීරණාත්මක කාලයේ සිටම පීතෘ ප්‍රතිබිම්බය ග්‍රහනය කිරීම ඇන්ටනි තුල ප්‍රමාද වෙයි. එම නිසා කුඩා කාලයේ සිට වැඩිහිටියෙකු දක්වා ඇන්ටනි මානසිකව වර්ධනය වන්නේ අභ්‍යන්තර මානසික ගැටුම් සමගය​. මෙම අභ්‍යන්තර මානසික ගැටුම් අන් අය සමග ප්‍රශස්ථ සබැඳියාවන් ගොඩනගා ගැනීමට යාමේදී ඇන්ටනි තුල ඝට්ටනයක් ඇති කරයි . මේ නිසා ඔහු මානසික හුදකලාභාවයකට ලක් වේ. පීතෘ වියෝගය ඔහුගේ විශ්වාස පද්ධතිය තුවාල කොට තිබේ. මේ නිසා ඔහු ගැඹුරු මානව සම්බන්ධතා ගොඩ නගා ගැනීමට බියක් දක්වයි.

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us