ගොඩගේ අත්පිටපත් තරගයට නිර්මාණ කැඳවයි

Published in කලා
Wednesday, 14 January 2015 09:43

පළමු වරට නවකතා අත්පිටපත් තරගයක් පවත්වා කෘති පහක් තෝරා එම කෘති පහ ප්‍රකාශයට පත්කරමින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් සහ සම්මාන පිරිනැමූ මරදානේ ගොඩගේ සහෝදරයෝ මෙවර ද එම තරගය පැවැත්වීමට තීරණය කර ඇත. මෙවර එහි විශේෂත්වය වන්නේ නවකතා අත් පිටපත්වලට අමතරව කවි සහ කෙටිකතා අත්පිටපත් තරගයක් ද පැවැත්වීම ය.

තරගයේ කොන්දේසි පහත දැක්වේ.

2015 ජනවාරි 15දා සිට 2015 අපේ‍්‍රල් 30 දක්වා ඉහත තරගයට අත්පිටපත් භාරගනු ලැබේ. ස්වාධීන සමීක්‍ෂක මණ්ඩලයක් මගින් තෝරාගනු ලබන හොඳම නවකතා අත්පිටපතට රුපියල් ලක්ෂ 5ක් ද විශිෂ්ට කෙටිකතා සංග‍්‍රහයට හා විශිෂ්ට කාව්‍ය සංග‍්‍රහයට රුපියල් 25,000 බැගින් ද පිරිනැමෙන අතර තෝරාගන්නා කෘති මුද්‍රණය කරනු ලැබේ.

අත්පිටපත් - A4 ප‍්‍රමාණයෙන් තනි පැත්තේ FMඅභය 12 ප්‍රමාණයෙන් අකුරෙන් පරිගණක අක්ෂරකරණය කොට එක් පිටපතක් පෙර ඉදිරිපත් කළයුතුය.

නවකතා - වචන 45000ට නොඅඩු විය යුතුය.

කෙටි කතා සංග‍්‍රහ - A5 පිටු 80ට නොඅඩු පිටු 240ට නොවැඩි විය යුතුය.

කාව්‍ය සංග‍්‍රහ - A5 පිටු 56ට නොඅඩු 160ට නොවැඩි විය යුතුය.

තරගයට ඉදිරිපත්කරන නිර්මාණ මීට පෙර මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයකින් හෝ පළ නොකළ, සංස්කෘතියට හා සදාචාරයට පටහැණි නොවන, ස්වතන්ත‍්‍ර නිර්මාණ විය යුතුය.

අත්පිටපතෙහි කර්තෘ ගේ නම හෝ හැඳින්වීම් කිසිවක් සඳහන් නොකළ යුතුය.
කතෘවරයා පිළිබඳ විස්තර, සකස් කළ ඉල්ලූම්පතක් වෙනම ඉදිරිපත් කළ යුතුය.

විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම අත්පිටපත් සමීක්ෂණ කටයුතු සඳහා කිසිඳු බලපෑමක් නොකෙරේ. ආයතනයේ සාමාජිකයන්ට මේ තරගය සඳහා ඉදිරිපත් වීමට ද නොහැකිය.

ප‍්‍රකාශන අංශය (අත්පිටපත්), සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම, 675,පී ද ඇස්. කුලරත්න මාවත, කොළඹ 10. යන ලිපිනයට එවීමට හෝ ගෙනැවිත් බාරදිය හැකිය.

වැඩි විස්තර සඳහා විමසන්න - උපාලි ලීලාරත්න - 0776578605

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us