හමුදාවෙන් ඉවත්ව ගිය සිංහල සෙබලෙකු සහ දෙමළ තරුණියක අතර පැවැති ප්‍රේමයක් පිළිබඳ අපූර්වතම පුවතක් රැගත් එම චිත්‍රපටයේ දෙබස් කිහිපයක් සහ දර්ශන කිහිපයක් ඉවත් කරන ලෙස ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් ප්‍රසන්න විතානගේ මහතාට දැනුම්දී ඇත.
එම දෙබස් සහ දර්ශන ඉවත් කිරීමෙන් චිත්‍රපටයේ සමස්ත අර්ථයම පුස්සක් වන බැවින් තමා ඊට කිසි සේත් සුදානම් නැති බව ප්‍රසන්න විතානගේ මහතා පවසයි.
‘ඔබ නැතුව එබත් එක්ක‘ දැනටමත් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල රැසකම සම්මානයට පාත්රවී ඇති අතර රටවල් කිපයකම ප්‍රදර්ශනය කොට ඇත.