හිස්ටින්වලට ඇනලොග් මිනිහෙක්

Published in කලා
Monday, 07 July 2014 12:22

එම්ජී ධනුෂ්ක දෙරණ ඩී‍්‍රම්ස්ටාර් වුනාම එයා ගැන හුඟක් අය කතා කරන්න අරන්. ඒකට හේතු ගොඩයි. එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් එක්ව ගායනා කළ එතරම් අසා නොතිබූ ඉතාම මනරම් ගීතයක් ධනුෂ්ක දෙරණ ට ගායනා කළා. එය අද කාලෙට තමා වඩා උචිත වන්නේ. මේ ගී කොතරම් මිහිරිද යන්න අද පරපුර ත් මේ රස විඳීමෙන්ම පැහැදිළියි.

හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී
හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී

කාටවත් බය නෑ අපී තිබුනත් නැතත් සල්ලී
ඕ.... තිබුණත් නැතත් සල්ලී
අපිටයි වාරු නැහැ මල්ලී
ඒ වුනත්
හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී

අපේ පාටිය පිරිමි පාටියයි
අනේ අපි ජන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපිට එකයි
අපට ඕනෑ
ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි සහෝදරවරුණි
ඒ වුනත්
හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී

නැතිබැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනාහා වෙනවා
ආ.............
වැටි වැටි උනත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා
ඇත්ත නේන්නම්

හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී.....//


අද හිස්ටින් වගේ ඉන්න ගායකයන්ට මේවා හොඳ පූර්වාදර්ශවෙන්න පුළූවන්. බොක්කා පිටුවෙ කට්ටිය මේකට අර්ථ දැක්වීමක් කරලා තිබුණා . ඒකත් අපි හිතුවා කියවන පාඨකයන්ට හොඳ දෙයක් වෙයි කියලා. බොක්කා මෙහෙම කියනවා

ඩිජිටල් සංස්කෘතියට ආයිමත් ඇනලොග් මිනිස්සු ඇවිල්ලා

මුලින්ම කියන්න ඕනා ඇනලොග් ටයිප් එකේ රිදී කටහඩක්. ඔහු ගීතය ගයනව නෙමේ ගීතය කියනවා. ඒක මම මෙහෙම කියන්නම් වෙන ගායකයෝ බෙල්ල හිරකරලා කැහැගාලා අමාරුවෙන් එලියට ගන්න හදන දේ එයා මයික් එකක් ඉස්සරහ ඉතාම අඩු ආයාසයක් දරල සරලව ප්‍රකාශ කරනවා. ඉතා නිදහස්ව එයාගේ කට හඩ එලියට එන්න ඉඩ දෙනවා කිසිම බලකිරීමකින් තොරව.

එක හරිම ලිබරල්වාදී. ඒ නිසා එයාගේ රසිකයින්ට එයාව ඉක්ක්මනින් විදින්න පහසු කරවනවා. ඔහු හිනවෙද්දී කතාකරද්දීයිත් අපිට ඇහෙන්නේ ඔහු ගීතයක් ගායනා කරනවා වගේ ඒදෙක අතර වෙනසක් නැති තරම්. එකයි මම කිව්වේ එයා ගයනාව නෙමේ ගීත කියන කෙනෙක් කියල. මම හිතන්නේ මේ වගේ තරු ටිකක් අවොත් දැනට නැති වෙමින් පවතින මියුසික් ඉන්ඩස්ට්‍රි එක නැවත ඔසවා තබන්න පුළුවන් වෙයි කියල.

මොකද මේ ජනතා ගායකයා ව පරණ කලාකරයොත් ලෝබ නැතුව බාරගන්නවා වගේ කියල හිතෙනවා මේ වීඩියෝව අවසාන තෙක් නරබුවහම.දෙරණ ට මේ වෙලාවේ ආයිමත් ස්තුතිකරනවා මොකද ඩිගිටල් සංස්කෘතියට ආයිමත් ඇනලොග් මිනිස්සු ගෙනල්ල අත අරිනාවට.

Last modified on Monday, 07 July 2014 17:45

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us