රටට අවශ්‍යකර තිබෙන ආර්ථික විප්ලවය සිදුකිරීමට හැකියාව අැත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි 10 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
2012 වර්ෂයේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දාහත් හැවිරිදි දියණියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විත්තිකරුවන්ට එරෙහිව ඇප නියම කිරීම පිළිබඳ තීන්දුව ජුලි මස 03 වනදා ලබාදීමට නියමිතය.
ජයග්‍රහණය විජයග්රහණයක් කර ගැනීමට එජාප විශේෂ සම්මේලනයක්
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 11 වන සෙනසුරාදා පැවැත්වේ.
මේ වසරේ ගතවූ සය මසක කාලය තුළ රුපියල් බිලියන 06 ක වටිනාකමකින් යුත් සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව විසින් හිමිකරගෙන අැති බව ලංකා අයෝජන මණ්ඩලය පවසයි.
ජ.වි.පෙ. ස්ථාපිත කරන ලද්දේ කැසිනෝ කාරයෝ , කළු සල්ලිකාරයෝ මෙන්ම, අවි ජාවාරම් කාරයෝ සමඟ එසේත් නොමැති නම් එ.ජා.ප. සමඟ ගනුදෙනු කිරීමට නොවන බවත්, නමුත් මේ වන විට එම ගණුදෙනු පැහැදිලි බවත් සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ “ජනතා සේවක පක්‍ෂය“ නම් වු නව පක්ෂයේ ප්‍රථම මහ සමුළුව ඇමතු අවස්ථාවේදීය.
සේවය හැර ගිය ගුවන් සෙබළුන්ට පොදු සමා කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධාන පෙළේ නායකයෙකු බව පැවසෙන අත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රුපන් නැමැත්තා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් බව වාර්තා වේ.