වනජීවියේ බාධා නෑ. පාරම්පරික වගාවට ගොවීන්ට පූර්ණ අනුමැතිය - “ගම සමඟ පිළිසඳර” ජනපති තීරණ

Published in පුවත්
Saturday, 16 January 2021 21:14

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගනු ලැබීය.

පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිතුමා නියෝග කළේය. එසේ වුවද කිසිවෙකුට අලුතින් කැලෑ එළි කොට වගා කිරීමට කිසිදු අවසරයක් නැති බව ජනාධිපතිරයා අවධාරණය කරනු ලැබිණ.

පොළොන්නරුව වන අලි තර්ජනයට මුහුණදෙන ප්‍රධානතම දිස්ත්‍රික්කයකි. ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින මේ ගැටළුව නිසි ලෙස අවබෝධ කොට ගෙන ස්ථීර විසඳුමක් ලෙස අගල් සහ විදුලි වැට ඉදිකිරීම යන ක්‍රම දෙකම ක්‍රියාත්මක කරන්නැයි ද උපදෙස් දුන්නේය.

2020 සැප්තැම්බර් මස 25 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුර, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන් 05ක් සංවිධාන කෙරිණ.

මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටළු විමසා විසඳුම් පිණිස ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කළේය. කඩිනම් විසඳුම් දිය හැකි ගැටළු වහාම නිරාකරණය කළ අතර, විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us