ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ශාන්ත බණ්ඩාර සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත. පසුගියදා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන සිදු කළ මහින්ද විරෝධී ප‍්‍රකාශයට විරෝධය පළ කරමින්තමන් සිය නියෝජ්‍ය ඇමති තනතුරින් ඉල්ලා අස්වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසා ඇත.
'නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීම' යන මාතෘකාව මතු කළ සැණින් බොහෝ උන් අවි අමෝරාගෙන දිව එන්නේ රණවිරුවන් පෝරකයට යැවිය නොහැකි බවත්, රට පාවා දීමට නොහැකි බවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයන්ට අසු නොවිය යුතු බවත් පවසමිනි. වඩා නිවැරදිව කියන්නේ නම් එසේ මොර දෙමිනි. නමුත් පසුගිය රාජපක්ෂ පාලනය තුළ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කෙරුණේ උතුරේ පමණක්ද ? පැහැදිලිව ම නැත. මැතිවරණ සමයට පමණක් පොදුවේ සමාජයට මතක් වෙන සහ ඉතිරි කාලය තුළ අදාල පවුල් වල සාමාජිකයින් තනිව විඳවනා මූලික සිද්ධීන් තුනක් පිළිබඳව අපි සලකා බලමු.
එජාපෙට ඡන්දය දීමට අකැමැති නම් ජවිපෙට දෙන්න - කොමියුනිස්‌ට් විකල්ප කණ්ඩායම
එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දීමට අකමැති උදවිය ජනතා විමුක්‌ති පෙරමුණට ඡන්දය දෙන්නැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට් පක්‍ෂයේ විකල්ප කණ්‌ඩායමේ සභාපති ඩී. ඩබ්ලිව්. සුබසිංහ මහතා ඉල්ලා සිටියේය.
යළි ඉඳිකිරීම සහ සංවර්ධන නියෝජිතායතනයේ (රාඩා) මුදල් අයථා ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වමින් ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටින නමුත් ඊට එක්සත් ජාතික පෙරමුණ එකඟත්වය පල නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා ප්‍රකාශ කරයි.
විවෘත විශ්ව විද්‍යාල සිසුන් දින 225 ක අරගලයකින් සටන ජයගනියි
විවෘත විශ්ව විද්‍යාලයේ වැඩිකල පාඨමාලා ගාස්තු වහා පහල දමන ලෙස සහ සියලු සිසු ගැටළු විසඳන ලෙස ඉල්ලමින් සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග‍්‍රහයට දින 225 ක් පිරීම නිමිත්තෙන් අද(29) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත සංවිධානය කර තිබූ පා ගමන ජයග්‍රහණයෙන් අවසන් වී තිබේ .
ටොන් 310යේ රත්තරන් ගනුදෙනුව යට ගහන්න යහපාලනයට ජරාවක් !
මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වන 'රටට පණ දෙමු අලුතින් පටන් ගමු' හරසුන් ලේඛණයක් බවත් එයට ප‍්‍රතිපත්තියක් හෝ දර්ශනයක් නොමැති බවත් අජිත් පී පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.