ආබාධිත සෙබළුන්ට වෙන්කළ මුදල් වලිනුත් රාජපක්ෂලා විනෝද වෙලා
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් හමුදාවට වෙන් කළ මුදල් පවා රාජපක්ෂ පවුල විනෝදය සදහා භාවිතා කර ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (30) පැවති හෙළිරදරව්ව මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරමින් පොලීසිය ගෙන ආ චක්‍රලේඛයට එරෙහිව අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය යළි දීර්ඝ කර තිබේ.
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විළිලැජ්ජාව කියා දෙයක් අැත්නම් කිසිවිටෙකත් හිටපු ජනාධිපති සමග සුසංයා්ගයක් ඇති කර ගැනීමට කටයුතු නොකරන බවත් වත්මන් ජනපති එබදු තීරණයකට ඒමට තරම් ලැජ්ජ නහර කපාගෙන අැත්නම් ඒ පිළිබද කණගාටුවන බවත් උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රාජපක්ෂලාගේ ජනමාධ්‍ය සුරතලුන්ට දීල තියෙන්නේ ටෙලිකොම් එකේ වාහන-මාන්නප්පෙරුම
රාජපක්ෂ රෙජිමය තම බලය පවත්වා ගෙන යාම සදහා සහාය ලබාදුන් සුරතල් ජනමාධ්‍යකරුවන් හා එම අායතනයන්හි කළමනාකරුවන් සදහා ඔවුන්ට රිසි සේ පාවිච්චි කළ හැකි අන්දමින් ශ්‍රීලංකා ටෙලිකොම් අායතනයෙන් වාහන 18 ක් ලබා දී තිබූ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) ‘හෙළිදරව්ව‘ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
බොදු බල සේනා සංවිධානය මේ වන විට ලියාපදිංචි වී ඇති බොදු ජන පෙරමුණ නම් වු පක්ෂයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසයි.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා දහසය දහසකට අධික පිරිසක් එක්‌සත් ජාතික පක්‍ෂයට අයෑදුම්පත් එවා ඇතැයි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.