මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව ගැන විමර්ශනය කිරීමේදී කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතා ඊට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂට මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබාදෙන බව නිවේදනය වීමෙන් පසු ඔහුගේ ගෝලබාලයන් පිරිසක් මාතර දික්වැල්ලේ පිහිටි මංගල සමරවීරගේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා වන රෙනෝ සිල්වාට අයත් හිරු මාධ්‍ය ජාලයේ සේවය කරන මාධ්‍යවේදීන් ගණනාවකගේ අවුරුදු උත්සවයකට සහභාගි නොවූයේ යැයි කියමින් වැටුපෙන් රුපියල් 2,200-3,000 බැගින් කපාගෙන තිබේ.
ඩුබායිහි මැරියට් හෝටලයේ හිමිකරු ශ්‍රීලාංකිකෙයකු බවත් ඔහු සාමාන්‍ය රැකියාවකට ඩුබායි ගිය පුද්ගලෙයකු බවත් පසුව රාජපක්ෂ රෙජිමයේ පිහිටෙන් විශාල ධනවතෙකු වූ බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති හෙළිදරව්ව 09 මාධ්‍ය හමුව අමතමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාමයෝජනා සහ කණ්ඩායම් නායකත්වය ලබා දෙන බව සඳහන් ලියවිල්ලකට මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බව ජනාධිපති නිල නිවස්නෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි.
ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපනය තුළින් ඉදිරියේ දී වෙළෙඳ නාමයෙන් තොරව ඖෂධීය නාමයෙන් පමණක් රෝගීන්ට ඖෂධ නිකුත් කළ හැකි බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.