සේවකයින් 4කට කොවිඩ් අසාදනය වීම හේතුවෙන් පෞද්ගලික බැංකු ශාඛාවක් වැසේ !  

Published in පුවත්
Sunday, 17 January 2021 12:23

අම්බලන්ගොඩ පෞද්ගලික බැංකවක සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබේ.

ඒ අනුව ඊයේ (16) දහවල් එම බැංකු ශාඛාව විෂබීජහරණයට ලක් කර ඇති බවයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසන්නේ.

එමෙන්ම එම බැංකු ශාඛාවේ සේවකයින් සියලුදෙනා නිරෝධායනයට ලක් කර ඇති අතර එම සියලුම සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කරන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර කඵතර ඉදුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක්, පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10ක් අද දිනයේදී හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුධ හමුදාපතිවරයා සදහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us