උපකාරක පංති ලබන 25 වැනිදා සිට

Published in පුවත්
Saturday, 16 January 2021 19:13

බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පංති ලබන 25 වැනිදා සිට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් අර්බුදය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පංති පැවැත්වීමට අදාළ චක්‍රලේඛනය ඊයේ(15) නිකුත් කළ බවත්, ජනවාරි මස 25 වැනි දා සිට උපකාරක පංති පැවැත්වීමට අවසර ලබා දී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන අද (16) ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ,

* උපකාරක පංතියට සහභාගී කර ගත හැක්කේ, ඉද ගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් 50% ක් සහ උපරිම
සංඛ්‍යාව ළමුන් 100ක් දක්වා පමණි.

* උපකාරක පංති සඳහා දිස්ත්‍රික්ක හරහා පැමිණීමට අවසර නොමැත .

* ආරම්භ කළ හැක්කේ, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පංති පමණි.

* අදාළ දිස්ත්‍රික්කය ඇතුළත ළමුන්ට හා ගුරුවරුන්ට උපකාරක පන්ති පවත්වාගෙන යා හැකිය.

එසේම මෙම නීතිරීති උල්ලංඝනය කරමින් උපකාරක පංති පවත්වනු ලබන ආයතන සදහා දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us