ඔස්ට්‍රේලියාවේ එස්කේප් (Escape) ආයතනය විසින් සංචාරකයන් වෙනුවෙන් වූ ලොව හොඳම දූපත ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එම කැඳවීම කල් දමා ඇති බව වාර්තා වේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙක් මරණයට පත්වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, කෙටිකාලීන ඉලක්ක ඇතිව ක්‍රමානුකූලව සහ කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳව නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේ එම පරිශ්‍රයට පැමිණ තිබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දමන ලද ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අද අළුයම 2.00 සිට යළි විවෘතකර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාදිවෙල - බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ පස්වරුවේ ජනතා අයිතියට පත්කෙරුණා.

ld add copy

Connet With Us