පවුල් 1200 ක් ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සංකල්පයක් මත පසුගියදා ආරම්භ විය.

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතදමා තිබේන බව වාර්තා වෙනවා.

අපරාධකරුවන් වර්ගීකරණය කර වෙන්කර කැඳවීමේ නව වැඩපිළිවෙලක් සියලුම බන්ධනාගාරවල ළඟදීම ඇරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කර තිබෙනවා.

මෙගා සතොස අලෙවිසැල අද දින (19) ජාඇල නගරයේදී වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙරට කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,000 සීමාව ඉක්මවා ගොස් තිබේන බව සෞඛ්‍ය අංශය ප්‍රකාශ කර තිබෙනවා.

රජය බලයට පැමිණීමෙන් පසු ජනතාවගේ යහපත පිණිස විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිනශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවෙඩි ප්‍රකාශ කර ඇත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ජුනි මස 09 වනදා යළි ඇරඹීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියමකර තිබේනවා .

සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමක් හෙළිකර හෝටලයක් ඉදිකිරීමට සූදානමක් ඇතැයි කියන අක්කර 07කින් යුතු එම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙම ඉඩම මෙන්ම තවත් අක්කර 1500ක පමණ බිම් ප‍්‍රමාණයක් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

ld add copy

Connet With Us