වැඩි විදේශ විනිමය ඉපයීම කෙරෙහි රජයේ අවධානය !

Published in පුවත්
Tuesday, 25 January 2022 10:18

අප්‍රිකානු කලාපයේ සිට පෙරදිග රටවලට යන නෞකාවන්ට අවශ්‍ය සේවාවන් කොළඹ වරායෙන් සපයා දී වැඩි විදේශ විනිමය ඉපයීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

අප්‍රිකාවේ සිට ඉන්දියාව ඇතුළු රටවල් කරා ගමන් ගන්නා නැව් බොහෝ අවස්ථාවල සේවා ගැනීම සඳහා ඩුබායි හෝ සිංගප්පූරුව වැනි වරායන් වෙත ගමන් කරන නමුත් එම අවස්ථාව කොළඹ වරාය වෙත ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ නම් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි බව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ සිටින නැව් ඒජන්තවරුන් අතර සාකච්ඡා කරන බව කී මහ කොමසාරිස්වරයා එවැනි නැව් වැඩි ප්‍රමාණයක් කොළඹ වරායට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවද එය සාර්ථක වී තිබෙන බවද පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එළවළු සහ පලතුරු හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දෙරටේ අවධානය යොමුව තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us