වසංගත අවධියෙත් මෙරටට ලැබී ඇති සංචාරක ආයෝජන ඉහළටටම !

Published in පුවත්
Thursday, 27 January 2022 09:14

කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර 2ක තුල මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන ලැබී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම වසර 2ක තුල ලැබුනු සංචාරක ආයෝජන සංඛ්‍යාව 99කි. මෙම ආයෝජන වලින් අමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජන අනුමත කල බවත් එලෙස අනුමත කරනු ලැබූ ආයෝජන සංඛ්‍යාව 59ක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

සංචාරක ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම යටතේ රාජ්‍ය ආයතන 8ක් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීමේ අවස්ථාවට ඊයේ (26) පෙරවරුවේ එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක ආයෝජන කඩිනම් කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යන ආයතන සමග සංචාරක සංවර්ධන අධිකාරිය මෙම අවබෝධතා ගිවිසුම් වලට එළඹිනි. මෙම වැඩපිලිවෙල යටතේ ආයෝජන මණ්ඩලය වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව දැනටමත් ගිවිසුම් අත්සන් කර තිබේ. වෙලඳ නාවික ලේකම් කාර්යාලය, සිවිල් ගුවන්සේවා අධිකාරිය කොළඹ මහ නගර සභාව සමග ඉදිරියේදී ගිවිසුම් වලට එළඹීමට නියමිතයි. ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සමග ද අදාල ගිවිසුම් අත්සන් කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතියි.

සංචාරක ආයෝජන කඩිනම් කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය ආයෝජන සබඳතා ඒකකය ලෙස නව ඒකකයක් ද හඳුන්වා තිබේ. එම ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේදී ක්‍රියාත්මක රාජ්‍ය ආයතන 15ට අවශ්‍ය වන තොරතුරු ඇතුලත් පොදු අයදුම්පතක් ද සකස් කර ඇත. මේ අනුව සංචාරක ආයෝජන අනුමත කිරී‍මේදී පැවැති ප්‍රමාදයන් අවම කිරීමට රජය කටයුතු කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදී පෙන්වා දුන්නේය. ස්වයංක්‍රීය සංචාරක ආයෝජන ව්‍යාපෘති කලමනාකරණ ක්‍රමවේදයක් මේ වනවිට සකස් කෙරෙමින් පවතියි. එය මැයි මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා කීවේය. මේ පිලිබඳව ප්‍රාදේශීය මට්ටමින් පුහුණු වැඩසටහන් ද සැලසුම් කර තිබේ. වැඩිදියුණු කල ක්‍රියාවලිය පිලිබඳ දේශීය ආයෝජකයන් දැනුවත් කෙරෙන අතර සංචාරක ආයෝජන වැඩි කිරීමේ අරමුණින් අලෙවි කරන ප්‍රචාරක වැඩසටහනක් ද ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව ඇමතිවරයා කියා සිටියේය.

පසුගිය 2010 ඔක්තෝම්බර් මස සිට 2021 දෙසැම්බර් මාසය දක්වා සංචාරක ආයෝජන 1006ක් ලැබී ඇත . එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7571.38කි. එහෙත් එම කාලය තුල අනුමත වී ඇත්තේ සංචාරක ආයෝජන 457ක් පමණි. ඇමරිකානු ඩොලර් මිලියන 3848.21ක ආයෝජන මෙලෙස අනුමත වී තිබේ. එමගින් තහවුරු වන්නේ සංචාරක ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියේ පැවැති ප්‍රමාදය බවත් එය අවසන් කිරීමට රජය සිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවත් රණතුංග මහතා එහිදී පවසා ඇත.

සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ,

''විධිමත් ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියක් මගින් ක්‍රියාපටිපාටි, කාල රාමු, පිරිවැය සහ අවශ්‍ය ලියකියවිලි අඩුකෙරෙන බවයි. මේ සඳහා නවීන තාක්ෂණය භාවිතා කෙරෙ‍න බවද ඔහු සඳහන් කලේය. සංචාරක ව්‍යාපාරය මෙරට තුන්වන ඉහළම විදේශ ආදායම උත්පාදනය කරයි. එබැවින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සංචාරක ආයෝජන වැඩිකිරීමේ අවශ්‍යතාව රජය වටහාගෙන ඇති බවත් ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත් '' ඔහු පෙන්වා දුන්නේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය,

'' මෙම ව්‍යාපෘතිය සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය වෙනස් කරනු ලබන වැඩසටහනක් . කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් සිටින අවස්ථාවක ඒ සඳහා සංචාරක ආයෝජන ද වැඩි කල යුතු බව ඇය පෙන්වා දුන්නාය. සංචාරක ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය ආයතන 43ක් පලාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ වන අතර ඒ ඒ ව්‍යාපෘතිය අනුව එක් ව්‍යාපෘතියකට නියෝජිත ආයතන 15-20ත් අතර සංඛ්‍යාවකින් අනුමැතිය ලබාගැනීම‍ට සිදුවේ.මේ සඳහා යන කාලය අවම කිරීම සඳහාත් තෙවන පාර්ශව සම්බන්ධ වීම නිසා සිදුවන වංචා හා දූෂණ වැලැක්වීම සඳහාත් නව වැඩපිලිවෙල ඉවහල් වන බවයි '' ඇය පෙන්වා දුන්නේ.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us