2009 වසරේදී හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කිරීම හේතුවෙන් ඊට අදාළව පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනුලබුවා.

පොදු ප්‍රවාහන සේවා වලින් මගීන් ප්‍රවාහනය කිරීමේදී සැලකිලිමත්විය යුතු උපදෙස් ඇතුළත් නිර්ණායක කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එළවළු හා පළතුරු මිල අසාධාරණ ලෙස ඉහළ යාම පාලනය කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගියදා මහර බන්ධනාගාරය තුල රැදවියන් පිරිසක් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව විරෝදය පළකරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් සහභාගීවූ විරෝධතාවයක් අද දින (15) කඩවත නගර මධ්‍යයේ දී පැවැත් වුණා .

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාවට අදාළව සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන හිටපු
නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහොමඩ් අස්ලාම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රථ වාහන ලියාපදිංචි කිරීමේදි අංක තහඩු සඳහා යොදා ගන්නා පළාත් හඳුනා ගැනීමේ අක්ෂර ඉවත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

පාඨලී චම්පික රණවක 2025 ජනාධිපති වීම ඉලක්ක කරගෙන මේ වන විට සිදුකරමින් සිටින දේශපාලන මෙහෙයුමට තිස්ස අත්තනායකගේ පූර්ණ සහයද ලැබී තිබේ. චම්පික රණවක ඔහුගේම ජාතික හෙළ උරුමය පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයකු ලෙස මතුවීම චම්පිකගේ මෙහෙයුමේ මුල් අදියර වී තිබේ.

ld add copy

Connet With Us