පල්ලියේ බෝම්බ තියපු මහමොළකරු කවුද කියලා හෙළිකරනවා - ජොන්ස්ටන්  

Published in පුවත්
Sunday, 23 January 2022 19:46

පල්ලියේ ගිහින් බෝම්බ තියලා තියෙනවා. දැන් කවුරුවත් කියන්නේ නෑ මහ මොළකරු හොයන්න කියලා. මේ මහ මොළකරු හොයන්න ඕනි. කවුද මේ බෝම්බ තිබ්බෙ, කවුද මේ පිටුපස ඉන්නේ කියලා. ඉදිරියේදී බලාගන්න පුළුවන් කවුද මේවට සම්බන්ධ කියලා... යැයි පසුගියදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉවත් නොකළේ මන්දැයි පසුගිය 22 වන දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ පැවැසීය.

සභාපති ජනාධිපතිතුමා ඉවත් කෙරුවේ නැහැ. එතුමාම ඒ ස්ථානයට ගිහිල්ලා තීන්දුවක් ගත්තා ඒ ධුරයේ ම ඔහුව තියන්න ඕනෑ කියලා.ජනාධිපතිතුමන්ට වරද පටවන එක වැරදියි. ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එතුමා සියැසින් ලංකාගම දැක බලාගෙන පාරවල් හදන්න තීරණය කළා වගේම එතුමන් තීන්දුවක් ගත්තා සභාපති තියාගන්න. ජනාධිපතිතුමා හැටියට එතුමන්ට සම්පූර්ණ බලය තියෙනවා ඉවත් කරනවද නැද්ද කියලා තීන්දු තීරණ ගන්න.

ගෑස් පිපිරීම ගැන හොයන්න මම කලින් ඉඳන් කිව්වා. මම පිළිගන්නෑ මේ ගැස් ඉබේ පිපිරෙනවා කියලා. නමුත් මෙය ගැන හොයා බැලිය යුතුයි. මේ ගැන හොයන්න කිව්වම සමහරු අපිට හිනා උනා.

දැන් පේනවනේ බෝම්බ තියලා වෙලා තියෙන දේ. පල්ලියේ ගිහින් බෝම්බ තියලා තියෙනවා. දැන් කවුරුවත් කියන්නේ නෑ මහ මොළකරු හොයන්න කියලා. මේ මහ මොළකරු හොයන්න ඕනි. කවුද මේ බෝම්බ තිබ්බෙ, කවුද මේ පිටුපස ඉන්නේ කියලා.ඉදිරියේදී බලාගන්න පුළුවන් කවුද මේවට සම්බන්ධ කියලා.

ජනාධිපතිතුමා ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමා ජනාධිපති වශයෙන් නිවැරැදි තීන්දු තීරණ ගන්නවා. එතුමන්ට සම්පූර්ණ බලතල තියෙනවා ඇමතිලා සභාපතිලා පත් කරන්න වගේම ඉවත් කරන්න.

මම අදටත් තියෙනවා මේ ගෑස් පිපිරීම ගැන හොයන්න කියලා මේ කණ්ඩායම ගැන අනිවාර්යයෙන් හොයන්න ඕනි. මට හිනා උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලියට බෝම්බ තිබ්බ වගේ රජය අපහසුතාවයට පත් කරන්න, රටේ ජාතික ආරක්ෂාව අපහසුතාවයට පත් කරන්න කරන වැඩද කියලා හොයන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා.

 

 

රංජනා සෙව්වන්දි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us