කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද(10) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු සහ ඇයගේ පුහුණුකරු 2024 වසරේ පළමු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගි වීම සඳහා අද ක්‍රොඒෂියාව බලා පිටත්ව යයි.

විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අද (10) දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනෙකු ගැන දැනට අනාවරණය කරගෙන ඇත.

ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන පිරිසිදු කිරීම සඳහා අද (10) දිනය යොදා ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව යන තේමාවෙන් අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් අද (10) පෙරවරු 8.00 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us