ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී තිබෙන බවත් ජනාධිපතිරයා, මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 51,000ක් ස්ථීර පදනමින් සංවර්ධන නිලධාරී තනතුර සඳහා අනුයුක්ත කර තිබේ.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ලැබෙන අධික ඉල්ලුම හේතුවෙන් මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව නව පොල් අපනයන කලාපයක් නිර්මාණය කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබෙනවා.

රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිරයාව ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිරයා ගත්තේ නිවැරදි තීන්දුවක් බවත් මෙය මීට පෙර ගතයුතුව තිබු තීන්දුවක් බවත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ ආරම්භ කොට වසර 36 කට පසු පසුගිය වර්ෂයේදී රුපියල් මිලියන 1360 ක ලාභයක් වාර්තා කර තිබේ. ඒ අනුව සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසු වැඩිම ලාභයක් උපයා ඇත්තේ පසුගිය වසරේදීය.

මුදල් අමාත්‍ය වරයා ඊයේ දිනයේදි ප්‍රකාශයට පත් කරන ලද දැවැන්ත සහන මල්ල ලබා දුන්නේ කොවිඩ් අර්බුද නිසා ඇති වී තිබෙන ජීවන වියදම් ඉහළ යාම නිසා වන පිඩනයෙන් ජනතාව මුදවාගැනීම වෙනුවෙන් පමණක් බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිළ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසන ලදී.

ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේචනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද (03)පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත.

ld add copy

Latest News

රනිල්ගේ නඩුව කල්යයි

රනිල්ගේ නඩුව කල්යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම්...

Connet With Us