2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.7 කින් සහ 2025 දී සියයට 2.4 කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරන බව ඊයේ නිකුත්කළ  ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ වාර්තාව පෙන්වා දෙයි.

මෙවර යල කන්නයේ දී පළමු වරට වී වගාව සදහා ඩ්‍රෝන යන්ත්‍ර උපයෝගී කරගනිමින් වගා කටයුතු සිදු කරන බව කෘෂි අමාත්‍යාංශය පවසයි..

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ වී ඇති බව වාර්තා වේ.

වැට් බදු වැඩිකිරීමෙන් වෙළඳපොලට බලපෑමක් සිදුව නොමැති බවත් ඇතැම් භාණ්ඩවල මිල තිබුණාටත් වඩා අඩුවී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා තිබේ.‍

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (11) දිනයේ සිට සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කිරීමට අදාලව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්වයේ අඩුවීමක් අද දිනයෙන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පවතින ජල ගැලීම් හේතුවෙන් ඕලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us