ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට ගැසට් කරයි

Published in පුවත්
Wednesday, 24 January 2024 12:37

තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට මේ වනවිට ගැසට් කර ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා සඳහා එම ගුරු පත්වීම් ලබාදීමට නියමිතව ඇත.

මේ අතර 22,000ක් උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස 9ක් පුරා පෙත්සම් විභාගය පවත්වා අවසන් බවත් එහි තීන්දුව ලබන සතියේ ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසිය.

නමුත් ඒ පිරිස මේ වනවිටත් පාසල්වල සිටින බැවින් ගුරු පුරප්පාඩු ලෙස පවතින 40,000ක ප්‍රමාණයෙන් අදාළ පිරිස ඉවත් කළ යුතු බව ද පවසා ඇත.

ඊට අමතරව ගුරු පත්වීම් 13,500ක් ලබාදීමට පළාත් සභා සියල්ල මේ වනවිට කටයුතු සිදුකර ඇතත් ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුත්ත හේතුවෙන් එය ද ප්‍රමාද වී ඇති බව පැවසු අමාත්‍යවරයා අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබෙනු ඇති බව ද පැවසීය.

මේ අතර 2025 වර්ෂය වන විට විභාග නිසි පරිදි පැවැත්වී සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසා ඇත.

එමෙන්ම උසස් පෙළ විභාගය පෙබරවාරි පළමු වනදා අවසන් වන බවත් උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට පසුගිය වසරේදී ලබාදුන් දීමනා ලබාදීම සඳහා තමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, එම කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කළේය.

-P.M

Last modified on Wednesday, 24 January 2024 13:01

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us