සියලුම රජයේ සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
ඊට අමතරව සියලුම විශ්‍රාමිකයන්ටද මෙම රුපියල් 5000 දීමනාව හිමිවෙයි. සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් 3500 දීමනාවට තවත් රුපියල් 1000ක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුනක් ඉක්මවූ පුද්ගලයන්ට තුන්වන මාත්‍රාව ලබා දීමට රජය ගනු ලැබූ සෘජු තීරණය හේතුවෙන් මෙරට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වළක්වා ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි .

රටේ ආර්ථිකය අද හෙට කඩා වැටෙයි කියා පුන පුනා ප්‍රකාශ කරමින් රටට අහිතකර සිහින දකිමින් සිටින සියලුදෙනාගේ බොලඳ සිහින සියල්ල මේ වසරේ සුනුවිසුනු වී යන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

රජයේ සේවයට බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසක් ස්ථිර සේවයට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මකයි.

ආරම්භ කර ඇති කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල නව පදිංක උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.

මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරන ලද සමස්ත බදු මුදලින් 25%කට ආසන්න ප්‍රමාණයක් රැස්කිරීමේ බලය මහා භාණ්ඩාගාරයට පැවැරීමට, දැනට පවතින 15%ක් වන වැට් බදු ප්‍රතිශතය සියයට 18% දක්වා ඉහළ නැංවීමට සහ මත්පැන් හා දුම්වැටි සඳහා අයකරන වැට් බද්ද ඉවත් කිරීම ඇතුළු මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් රැසක් සිදුකෙරෙන පනත් කෙටුම්පත් දෙකක් අද (3 වැනිදා) රැස්වන කැබිනට් මණ්ඩල රස්වීමට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

2022.01.01 අද දිනෙන් නව වසරකට අප පා තබා ඇත..උදා වූ නව වසරේ නැවුම් බව අත්විඳිමින් ලක් වැසියන් සියළු දෙනා නව වසර රස විඳිමින් ඇත. නොනැවතී ඇසෙන රතිඤ්ඤා හඬ කියා පාන්නේ මිනිසුන්ගේ හදවතෙහි ඇති ප්‍රීතියයි..

ld add copy

Latest News

රනිල්ගේ නඩුව කල්යයි

රනිල්ගේ නඩුව කල්යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම්...

Connet With Us