ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන Smart Youth 2024 වැඩසටහන ජුනි මස 14 සහ 15 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතය.

සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබෙන බවට වාර්තා‌වේ.

කවුරු කුමක් කීවත් නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ පවත්වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක පැවසුවේය.

ඉදිරියේදී බිත්තරයක මිල පහළ දැමීමට හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) රැස්වේ.

ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීම සඳහා ‘‘රාජපක්ෂලා’’ නොමැතිව නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමට ආණ්ඩුවේ, විපක්ෂයේ සහ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. 

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසයි.

ld add copy

Connet With Us