මෙරටට තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් විධායක කමිටු රැස්වීම අද

Published in පුවත්
Wednesday, 12 June 2024 13:14

ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) රැස්වේ.

ඒ යටතේ අනුමත කිරීමට ඇති නියමිත ණය මුදල වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 335කි.

ඒ සම්බන්ධයෙන් අද (12) කොළඹදී සහකාර මහබැංකු අධිපති බව ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මෙලෙස අදහස් දැක්වීය.

"රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුද එකක් සාකච්ඡා ආරම්භ කළා. 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියන 3ක් අනුමත කළා. මේක අවුරුදු 04කින් මාස 48ක ණය පහසුකම් මාස 06න් 06ට අලුත්වෙන ණය පසුකමක්. සමාලෝචනය වෙනවා මාස 06න් 06ට ඒ වගේම මේ ණය පහසුකම ලබාදීලා තියෙන්නේ අයවැයට සහාය සඳහා. දැන් වෙනකොට ඩොලර්මිලිය 670ක් මේ ණය පහසුකමින් ලැබිලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රීය වෙනකොට අපි බලාපොරොත්තුවෙනවා මේ ණය පහසුකමේ 03වෙනි වාරිකය අපිට ලැබෙයි කියලා. මොකද අද මධ්‍යම රාත්‍රීයේ අමෙරිකාවේ වොෂිංටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලංකාවේ ණය පහසුකමේ දෙවැනි සමාලෝචනය අවසන් කරන්නේ. අපි හිතනවා සියලු රටවල්වල සහයෝගයෙන් ඒ සමාලෝචනය අවසන් කරන්න ලැබෙයි කියලා. ඒත් එක්ක තවත් ඩොලර් මිලියන 335ක පමණ අපිට ලැබෙන්න ඕනේ. ඒත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දැනට මෙම ණය පහසුකම යටතේ ලබාදුන් මුදල ඩොලර් බිලියනටය වඩා මඳක් වැඩියි."

Last modified on Wednesday, 12 June 2024 13:16

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us