රාජපක්ෂලා නැති ආණ්ඩු-විපක්ෂ සන්ධානයක්

Published in පුවත්
Wednesday, 12 June 2024 12:53

ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීම සඳහා ‘‘රාජපක්ෂලා’’ නොමැතිව නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමට ආණ්ඩුවේ, විපක්ෂයේ සහ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. 

පසුගිය 09 වැනිදා කොළඹ දී පැවති මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් පිරිසක් එක්ව තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබදව ජනාධිපතිවරයා හමුවේ සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බව වාර්තා වේ.

එහිදී දේශපාලනික වශයෙන් සහ දුෂණයෙන් තොර, විරැකියාව අවම කරන ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වූ ගිවිසුම් දෙකක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අත්සන් කිරීමට සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාවට එක් වූ මන්ත්‍රීවරු පිරිසක් පවසා ඇත්තේ ‘‘රාජපක්ෂලා’’ නොමැති සන්ධානයක් බිහි කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු 60කට අධික සංඛ්‍යාවක් ඊට එක්වීමට නියමිත බවය.

නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා දේශපාලන නායකයන් තිදෙනකු මෙහිදී පත් කර ඇති අතර සතියක් තුළ ව්‍යවස්ථාව සකස් කිරීමට නියමිත අතර ඉන් පසු දේශපාලන පක්ෂ සමග ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ.

 

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us