මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් මෙවර පොසොන් සමයේ වැඩි අතරේක බස් සේවවාක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.

මෙරටට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වා දුන් සුප්‍රීම් ග්ලෝබල් සමාගම තවත් ඉතිහාසගත ආරම්භයක් සනිටුහන් කරමින් චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය ( (China’s Deep Space Exploration Laboratory - DSEL ) සමඟ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිස ඇත් බව එම සමාගම නිවේදනය කරයි.

2024 ජුනි 7 වන දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය (ECOSOC) සඳහා ශ්‍රී ලංකාව තේරී පත් විය.

රජයට අයත් ලිට්‍රෝ ගෑස් ප්‍රතිව්‍යුහගත කිරීමේ දී යෝජනා ඉදිරිපත් කළ 14 දෙනාගෙන් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (SRU) විසින් ලංසුකරුවන් අට දෙනෙකු තෝරාගෙන ඇති බව තොරතුරු ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා සුදූසු ස්ථාන හඳුනාගැනීම සඳහා සිදු කළ දින හතක ආරක්ෂක සමාලෝචනයක් අවසන්කර ඇති බව IAEA පවසයි.

රුපියල් බිලියන 2.5 ක ආයෝජනයක් සහිතව සිදුවන යාපනයේ විශාලතම පුද්ගලික අංශයේ සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංකීර්ණය ලබන වසරේ මුල් භාගයේදී විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

ld add copy

Connet With Us