මෙවන් රෝග ලක්ෂණ තිබේ නම් අවධානයෙන් සිටින්න

Published in පුවත්
Wednesday, 31 July 2024 10:29

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා තිබේ. 

සෙම පරීක්ෂණයක් සිදුකිරීමෙන් ඉන්ෆ්ලුවෙන්සා දැයි පරීක්ෂා කර බැලිය හැකි බව ද හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය යාම දිගටම පවතී නම් ප්‍රතිවෛරස් ලබාදීමක් සිදුකරන බව ඔහු අවධාරණය කළේය.

මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂණ ලෙස උණ සමග හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යෑම, ඇඟපත රිදීම දක්නට ලැබෙන බවත් එවැනි රෝග ලක්ෂණ පන්තිවල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල හා නිවෙස්වල ඉක්මණින් පැතිරෙයි නම් මෙය ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් රෝගයක් හෝ ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වෛද්‍යවරයා පවසා සිටියි. 

රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණ පැළඳීම සිදුකරන ලෙසද, රෝග ලක්ෂණ පවතින දරුවන් නිවෙස්වල තබා ගන්නා ලෙසද සඳහන් කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා රෝගය වැළඳුණු දරුවන්ට ස්වභාවික දියර ආහාර වැඩි වශයෙන් ලබාදී විවේකය ලබාදෙන ලෙස ද පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාදෙන ලෙස ද පැවසීීය.

අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, නිදන්ගත ශ්වසන රෝග ඇති අය, ප්‍රතිශක්තීකරණය අඩු අය සහ ගර්භණී මාතාවන් ආදීන්ට මෙය තරමක් බරපතල විය හැකි බවත් දින 03ක් හෝ 04කට වැඩියෙන් උණ පවතී නම් මේ දිනවල ඩෙංගු රෝගයත් පවතින නිසා රුධිර පරීක්ෂණයක් කරගැනීම සුදුසු බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us