ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය හෙට නිකුත් කිරීමට නියමිතයි.
සාක්කු තර කරගත් මහබැංකු නිලධාරීන්ට වැඩ වරදීද ? තීරණය හෙට
මහත් ආන්දෝලනයකට තුඩු දෙන ආකාරයට සියයට හැත්තෑවකින් වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු බලධාරින් හෙට (04) දිනයේ කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබෙන බව වාර්තා වනවා.
යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2020 ජනවාරියෙන් පසු සංචාරක ක්ෂේත්රය ඉහළම ආදායම වාර්ථා කරයි.
විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාව මහ බැංකුව අද (01) ඉදිරිපත් කර තිබුණි.
යාපනයේ දූපත් 03කට පුනර්ජනනීය හයිබ්‍රිඩ් බලශක්ති පද්ධතියක්
යාපනයේ දූපත් 03ක හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් කර තිබේ.
රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉදිරි දින කිහිපය තුළ දී පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.