කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී  සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී තමාට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැති බවත් එ තමන් එය පෞද්ගලිකව විශ්වාස කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පවසා තිබේ.

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට  පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

රට තුළ මේ වන විට පවතින අධික උණුසුම් කාලගුණ තත්වය තව දුරටත් ඉහළ යා හැකි නිසා අද (28) සිට අනිද්දා (1) යන දිනවල පාසල් දරුවන් එළිමහනේ රැදී සිටීමෙන් වැළකිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය 5 වැනි වරටත් දීර්ඝ කර තිබේ.

ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ld add copy

Connet With Us