සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් සහ සෞඛ්‍ය කමිටුව අතර සාකච්ඡාවක් අද
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි.
විදුලි ගාස්තු ගැන අවසන් තීරණයකට අද මහජන උපයෝගිතා කොමිසම රැස්වෙයි
විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන් තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද(28) රැස්වෙයි.
Sex ගැන රජයේ නිල ප්රකාශනයක් මාර්තු 07 වනදා එළිදැක්වේ
ලබන මාර්තු මස 7 වැනි දින පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කළ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.
ආහාර මත බදු, විදුලි බිල, ඉන්ධන මිල අඩුවීමක් ලබන මාසයේ සිට
ආහාර මත පනවා ඇති බද්ද ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ගාසාහි ළමා අරමුදල පිහිටුවන්න කැබිනට් අනුමැතිය ලැබේ
ගාසා තීරයේ ගැටුම් වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ”ගාසාහි ළමා අරමුදල” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ දිවයින පුරා පාසල් සිසුන් රැසක් උෂ්ණාධික රෝගවලට ගොදුරු ව ඇතිබව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අවිශිබම සමඟ අත්වැල් බැඳගනු ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බලාපොරොත්තු වන බව එහි කැඳවුම් කරු පවසයි.