ආර්ථිකය හදන වැඩපිළිවෙලට සියලු පක්ෂවලට ජනපතිගෙන් ආරාධනා

Published in පුවත්
Saturday, 27 July 2024 11:54

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බවද ජනාධිපතිවරයා කීය.

අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී  (26) පැවති උත්සවයට එක්වෙමිනි.

ඩිජිටල්කරණය රට තුළ ව්‍යාප්ත කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව තාක්ෂණ අමාත්‍යාංශය විසින් “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” ක්‍රියාත්මක කර තිබෙන අතර, යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, නිපුණතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සයිබර් ආරක්ෂාව, ආරක්ෂාව සහ පෞදගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, සම්බන්ධිත ඩිජිටල් රජය, කර්මාන්ත අංශ සහ ඩිජිටල්කරණය යන මූලික කුලුණු 06ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙම කුලුණු යටතේ ඩිජිටල්කරණය බිම් මට්ටමට ගෙනයෑමේ මූලික අදියර කෑගලු දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 42කට හා පාසල් 62කට සුහුරු පන්ති කාමර උපකරණ කට්ටල බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us