මෙම වසරේ පළමු මාස දෙක තුළ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම ඩොලර් මිලියන 963.7 දක්වා 14.1% කින් ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත අනාවරණය කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබේ.

අද (11) දිනයේ නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.

සමාගම් 1,000 කට ආසන්න සංඛ්‍යාවකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මාස හයක් තුළ ගෙවන ලෙස නොතීසි නිකුත් කර ඇති බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සමඟ වන සාකච්ඡාවට විපක්ෂයේ පක්ෂ නායකයන්ට කළ ආරාධනය අනුව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් ඇති බව කාලගුණ අංශ පවසයි.

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ld add copy

Latest News

කොළඹ හෙට තද නිසා විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට තද නිසා විශේෂ රථවාහන සැලැස්මක්

159 වන පොලිස් දිනය වෙනුවෙන් හෙට (03) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්...

Connet With Us