ජනපතිවරණයට සමාජ මාධ්‍ය අවභාවිතය බැහැ - වසරක සිරදඬුවම් හා ලක්ෂයක දඩයක්

Published in පුවත්
Saturday, 03 August 2024 12:03

රාජකාරී වේලාව තුළ රජයේ නිලධාරීන්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බවත් එවන් පුද්ගලයන් වසර 3ක සිරදඬුවමකට යටත් කිරීමට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම කිරීමට හෝ මේ දඬුවම් දෙකටම යටත් කිරීමට හෝ හැකි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් විශේෂ චක්‍රලේඛයක් මඟින් දක්වා තිබේ.

එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ නිලධාරියෙකුට වුවද, මෙම නිර්ණායකය බලාත්මක වනු ඇත.

ඒ අනුව තම පෞද්ගලික සමාජජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීමද එම වරද යටතටම ගැනෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ එම චක්ලේඛයේ දක්වා ඇත.

රාජ්‍ය සේවකයන්ට අමතරව මෙම චක්‍රලේඛය සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සේවක සේවිකාවන්ටද අදාළ වනු ඇත. මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්කගතව වන අතර එමඟින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් විසින් පක්ෂ හෝ පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් කිරීමට කටයුතු කිරීම වළක්වාලීමට කටයුතු කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ ‘ඉතා වැදගත්‘ යන සිරස්තලයෙන් යුක්තව යොමු කර ඇති චක්‍රලේඛ අංක 5 යටතේ අංක 8 IV හා අංක 17 යටතේ මෙම කරුණු උකහා දක්වා ඇති අතර එය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සියලු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපති හා සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු සියලු රාජ්‍ය ප්‍රධානීන් වෙත යොමු කර ඇති මේ චක්‍රලේඛයෙන් සවිස්තරාත්මකව දක්වා ඇත්තේ පෙර මැතිවරණයන්හිදී ලැබුණු පැමිණිලි සම්බන්ධව විධිමත් විමර්ශනයකින් පසුව නව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.



- සිළුමිණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us