ලක්ෂ 40කට තවම තීරණයක් නෑ - බුද්ධි අංශ තොරතුරක්

Published in පුවත්
Saturday, 03 August 2024 11:54

රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇත.

රජයේ බුද්ධි අංශ පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණ කිහිපයක් රහසිගතව ගෙන් ගෙට ගොස් කළේය. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ එම සමීක්ෂණවලදීය.

බොහෝ පිරිස් ඉදිරි මැතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරගන්නේ අවසාන සති කිහිපයේදී බවද එහිදී තොරතුරු හෙළිදරව්වී ඇත.

ඒ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයන්ගේ ජනප්‍රියභාවය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු කාරණා සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරාගන්නා බව එම සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් සියයට තිහකට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

තරුණ තරුණියන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඉන් වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා නොවනු ඇතැයි දැනගන්නට ඇත. 

 

- ලංකාදීප 

Last modified on Saturday, 03 August 2024 11:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us