රනිල් දිනවන්න තරුණ නායකත්වයක් සහිත වෙනම සන්ධානයක්

Published in පුවත්
Saturday, 03 August 2024 11:45

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් තරුණ නායකත්වයක් සහිත වෙනම සන්ධානයක් පිහිටුවීමට කටයුතු යොදා ඇත.

මැතිවරණ සඳහා මෙම නව සන්ධානය වෙනම තරග කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙම නව සන්ධානය පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර ජනතාවට ආකර්ෂණීය සලකුණකින් නව සන්ධානය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කිරීමට ද සැලසුම් කර තිබේ.

මෙම නව සන්ධානයේ නායකත්වය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරු දැනුම් දී ඇතත්, ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ රට ඉදිරියට යා යුත්තේ තරුණ දේශපාලනඥයන්ට අවස්ථාව දීමෙන් බවත්, මේ නිසා සන්ධානයේ නායකත්වය සඳහා තරුණ දේශපාලනඥයකු පත් කරන ලෙසය.

මේ නිසා සන්ධානයේ නායකයා ලෙස බොහෝ දුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු පත් කිරීමට නියමිත බවද පැවැසේ. නව සන්ධානයේ අනුශාසකවරුන් ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කරනු ඇත. 

නව සන්ධානයේ සියලු තනතුරු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විවිධ පකෂවල තරුණ මන්ත්‍රිවරු සහ ක්‍රියාකාරී සාමාජිකයන්ට දීමට සැලසුම් කර ඇතැයිද අනාවරණය වේ. බොහෝ දුරට මෙම නව සන්ධානය ජනාධිපතිවරණයට පෙර එළිදැක්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රිවරු සියයකට අධික පිරිසක්ද, අගමැති ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රිවරු සහයෝගය දක්වති.

  - අරුණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us