රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට IMF වෙතින් 2025 අයවැයට යෝජනා මාලාවක්

Published in පුවත්
Saturday, 03 August 2024 20:01

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාරය යථා තත්ත්වයට පත කිරීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිණිස තවදුරටත් උත්සාහ දැරීම අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් පසුගිය ජූලි 25 වැනිදා සිට අගෝස්තු 02 දක්වා මෙරට සිදු කළ සංචාරයෙන් අනතුරැව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියි.

“සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිණිස තවදුරටත් ප්‍රයත්න දැරීම අවශ්‍ය වේ.” ඔහු පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරිමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන මැදි කාලීනව දළ දේශීයනිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික ශේෂයක් පවත්වා ගැනීමේ අරමුණ කරා ළගා වීම සඳහා, 2025 අයවැය සුදුසු ආදායම් ක්‍රියාමාර්ග සහ අඛණ්ඩ වියදම් සීමා කිරීම මත පදනම් විය යුතු බව එම අරමුදල සඳහන් කරයි.

“මෝටර් රථ ආනයන මත පනවා ඇති සීමා ලිහිල් කිරිම 2025 වසරේදී රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා සහාය වනු ඇත.” ඔවුන් පවසයි.

එසේම 2025 වසරේ අප්‍රේල් වන විට අපනයනකරුවන් සඳහා නිසි ලෙස ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුළු බදු පරිපාලන ප්‍රතිසංස්කරණ මගින් බදු අනුකූලතාව තවදුරටත් වැඩිදියුණු කළ හැකි බවත් එම අරමුදල සඳහන් කරයි.

මේ අතර යෝජිත ඕනෑම ක්‍රියාමාර්ගයක් නිසා රාජ්‍ය මූල්‍ය තත්ත්වය දුර්වල වන්නේ නම් එහි බලපෑම අවම කිරීම සඳහා වඩාත් උසස් තත්ත්වයේ හානි පූර්ණ ක්‍රියාමාර්ග ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us