න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට යෝජනා හයක් ලැබී ඇති බව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් සංවිධානය කරන ලද 'න්‍යෂ්ටික බලශක්තියේ විභවය සහ ශ්‍රී ලංකාවේ එහි අභියෝග' යන මැයෙන් මෑතකදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ (SLAEB) සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පැවසීය.

මෑතකදී සිදු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම අනුමත කරන බව ලංකා බැංකු සේවක සංගමය (CBEU) පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයේ ඉදිරි ක්‍රියාවලිය සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

2024 වර්ෂයේ 'කාන්තා ආයෝජන හරහා වේගවත් ප්‍රගතියක්' යන බලගතු තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට කටයුතු කරන අප, කාන්තාවන්ගේ අතිමහත් දායකත්වය පිළිගන්නවා පමණක් නොව, සමාජය ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන් ඉටු කරනා ප්‍රධාන කාර්යභාරයන් පිළිබඳව සෑහීමකට පත්වනවා පමණක් නොව එය ඉතා ඉහළින් අගය කල යුතුව ඇත.

ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මාධ්‍යවේදිනියක් මෙන්ම අති විශිිෂ්ට  ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවකි.

ලොව පුරා හින්දු බැතිමතුන් දැඩි ශ්‍රද්ධාවෙන් ඉමහත් හරසරින් සමරනු ලබන මහා ශිව රාත්‍රීය අදට ‌(08) යෙදී තිබෙනවා. එදින රාත්‍රිය පුරා නොනිදා අවදිව සිට පුද පූජාවන් සිදු කිරීම හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන චාරිත්‍රයක් වනවා.

ජාතිය, ආගම භාෂාව සංස්කෘතිය ආර්ථිකය හෝ දේශපාලනය නොසළකා කාන්තාවන්ගේ සාර්ථකත්වයන් පිළිගැනීමට ලක් කෙරෙන ලෝක කාන්තා දිනය අද(08)ට යෙදී තිබේ. 

අද (08) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

කොළඹ හෙට තද නිසා විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට තද නිසා විශේෂ රථවාහන සැලැස්මක්

159 වන පොලිස් දිනය වෙනුවෙන් හෙට (03) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්...

Connet With Us