පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වේ.

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(06) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළැඹීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවලට සහාය ලබාදීම හා රටේ ශීඝ්‍ර සංවර්ධනයට අදාළ නීතිරීති ඇතුළත් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ නීතිය ( Economic Transaction Law ) අදාල පනත් කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රිවරු පහළොස් දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසන බව අරුණ පුවත් පත සඳහන් කරයි.

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීමෙන් පසු පවතින ‘යෙන් ණය ව්‍යාපෘති’ හෙවත් ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් සහාය දැක්වීම ජපානයේ අභිප්‍රාය බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ප්‍රකාශ කළාය.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us