විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ නියෝගය

Published in පුවත්
Thursday, 22 August 2024 10:40

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මරදාන පොලීසියේ ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර තිබුණි.

එම විරෝධතාවය සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය අවට මාර්ගවල ගමනාගමනය අවහිර වන පරිදි වාහන වලට සහ මහජනතාවට බාධාකාරී වන ලෙසට එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු කරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මාළිගාකන්ද අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එම අධිකරණ නියෝගය නිකුත්කර තිබේ.

ඒ අනුව අද දින පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය අවට ඒකරාශී වී අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ සෞඛ්‍ය අමාත්‍යංශය ට ඇතුළු වීම වළක්වාලමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us