2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

Published in පුවත්
Thursday, 22 August 2024 10:50

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

එසේම පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙසේද පැවසීය,

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජන කලාප පහළොවක් සඳහා පහසුකම් සපයන අතර එම ආයෝජන කලාපවල සමාගම් 1575ක් මේ වනවිට මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා. ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් මේ තුළ රැකියා සිදු කරනවා. වත්මන් රජයේ නව ආයෝජන වැඩසටහන යටතේ නව ආයෝජන කලාප හතක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මාන්කුළම්, පරන්තන්, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, ඉරණවිල, හම්බන්තොට හා බිංගිරිය යන ප්‍රදේශ ආශ්‍රීතව මෙම නව ආයෝජන කලාප ඇති කිරීමට ද සැලසුම් කිරීමට නියමිතයි. මේ වසරේ ආයෝජන ගිවිසුම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන එකක ගිවිසුම් අපේක්ෂා කර තිබුණා. නමුත් පසුගිය මාස හයක කාලය තුළ ආයෝජන ගිවිසුම් අත්සන් කර අමෙරිකානු ඩොලර් මිලියන 800ක ආදායමක් මේ වන විටත් ලබා ගැනීමට හැකිවී තිබෙනවා. එහිදී ආයෝජන ව්‍යාපෘති තිස්පහකට සාකච්ඡා අවසන් කර ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

කන්කසන්තුරය ආයෝජන කලාපය කැනේඩියානු සහ ශ්‍රී ලංකා ආයෝජන කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ වගේම තමයි ආර්ථික පරිවර්තන නීතිය වෙනුවෙන් සංශෝධන ලබාදීම සඳහා ඉදිරි මාස තුනක කාලයක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩි කිරීම සඳහා “අපනයන ප්‍රවර්ධන” ව්‍යාපෘති 27ක් මේ වන විටත් පවත්වා තිබෙනවා . “One Village One Product” ව්‍යාපෘතියද ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් ග්‍රාම සේවා වසම් 14,000ක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා .ඒ වගේම ” ඊ කොමර්ස් ” ඔන්ලයින් වේදිකාව සකස් කර අපනයන ආදායම වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා . මේ වසරේ පළමු මාස 06 තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 09ක් දක්වා ලබා ගැනීමට අපට හැකිවී තිබෙනවා.

තවද වරාය නගරයේ ඉඩම් කොටස් 118න් ඉඩම් කොටස් 46ක් චීන කොන්ත්‍රාත් සමාගමට ලබා දී තිබෙනවා . එයින් ඉඩම් කොටස් 06ක් නැවත මෙරට සමාගම් වෙත ලබා දී තිබෙනවා .මෙම වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කිරීමට දැනට ආයතන 21කට අනුමැතිය ලබා දී තිබෙන බවද සඳහන් කළ යුතුයි. ඉදිරියේදී තවත් ආයෝජන ගෙන ඒමට කටයුතු කරනවා.

ඒ වගේම පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව දියුණු කිරීමට ද සැලසුම් කර තිබෙනවා . මේ සියලු ආයෝජන හාරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් එම්. නයුබ්ඩීම්, ආයෝජන මණ්ඩලයේ සභාපති එම්.කේ.ඩී. ලෝරන්ස්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කිංස්ලි බර්නාඩ්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්‍රමසූරිය යන මහත්වරු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us