පක්ෂ තුනක ලොක්කන්ගේ සහය රනිල්ට

Published in පුවත්
Thursday, 22 August 2024 10:58

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය ලබාදීම සඳහා සමගි ජනබලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ.එල්.එම්. එන්. මුබීන් සහ ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා එක් වූහ.

සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි පැවසූයේ තවදුරටත් විවිධ පාර්ශ්ව හදන රැලි පසුපස යා යුතු නැති අතර නැවතත් පෝලිම් යුගයක් අවශ්‍ය නැති බවයි. මැතිවරණ සමයේ නොයෙක් කණ්ඩායම් නොයෙක් පොරොන්දු ලබා දුන්නත් ජනතාව ඒවාට තවදුරටත් රැවටෙන්නේ නැතැයි ද ස්ටැන්ලි පැවසීය.

ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා කීවේ, සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයාව සිටි කාලයේ තම දිස්ත්‍රික්කයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘති කිසිවක් සාර්ථකව අවසන් කළේ නැති අතර ඔහු අමාත්‍යවරයකු ලෙසත් අසාර්ථක බවයි.

-ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us