ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 79කි.

E-Ticketසේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් අද (23)සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

අද (23) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් එළැඹෙන 29 වනදා තෙක් අද (22) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ වෙනත් භෝග සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ld add copy

Connet With Us