රටවල් 7ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් Visa ගාස්තු අය නොකිරීම තවත් මාසයකින් දීර්ඝ කර තිබේ.

උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ 500 දෙනෙකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

9 ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරුවන් සඳහා පාසල් කාලය තුළදීම වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අලියා ලකුණින් හෝ පොහොට්ටුව ලකුණින් නොව සියලු දෙනාට එකගවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයෙකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා නම් පමණක් තමන් ඔහුට උදව් කරන බව ප්‍රසන්න රණතුංග පැවසීය.

ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් දළදා මාලිගාව වෙත පවරාදීම සදහා අනුමැතිය ලැබී තිබේ.

රජයේ මුදල් පිළි­බඳ කාරක සභාවේ නිර්දේශ මත පද­නම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි­වීම සමා­ලෝචනය කිරීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ස්වාධීන වැටුප් කමි­ටු­වක් පත් කර තිබේ.

ld add copy

Connet With Us