අද සිට ධීවර ජනතාවට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක්

Published in පුවත්
Thursday, 22 August 2024 08:58

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ජනතාවට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ධීවර කර්මාන්තයේ නිරත වන පුද්ගලයින් සඳහා රුපියල් 25ක ඉන්ධන සහනාධාරයක් ලබාදීමට අද සිට නියමිතය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ධීවර ජනතාව වෙනුවෙන් ඩීසල් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට වූ යෝජනාව ඊයේ (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර එම සහනාධාරය හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර තේ වගාකරුවන් සඳහා ද රුපියල් 4,000ක පොහොර දීමනාවක් ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රුපියල් 2,000ක්ව පැවති පොහොර දීමනාව අද දිනයේ සිට රුපියල් 4,000 දක්වා වැඩි කිරීමේ වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us