ඉදිරි ජනාධිපතිවරණ සටන මෙහෙයැවීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන ලද විසි දෙනාගේ කමිටුව මෙසේය.
• රනිල් වික්‍රමසිංහ. (ජාතික නායක)
• කරු ජයසූරිය (නායකත්ව මණ්ඩල සභාපති)
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් පෙරේදා (23 වැනිදා) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු අදහස් දැක්වීම නිසා පළාත් සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන විනාඩි පහකට කල්තැබීමට නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට සිදුවිය.
ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා මාන්කුලම් පොලිස් කොට්ඨාසයට මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ජානක ඒකනායක සහ සිසිත ප්‍රියංකර යන විශ්ව විද්‍යාල ශිෂයින් දදෙනා දිවියෙන් සමුගෙන මෙම මම 27 වන දිනට වසර 2කි.
වර්තමානය වන විට වෙළඳපළේ ඇති පැණි බීම හා විවිධ ආහාර වර්ග කෑමෙන් පාසල් දරුවන් ඇතුළු ළමා පරපුර මෙන්ම ජනතාවද දියවැඩියාව වැනි රෝග ඇති වීමේ ප්රවණතාවයකට ගොදුරුව සිටී.මේ නිසා පැණි බීම හා සීනි ආශි‍්‍රත කෑම පිළිබඳව නියාමනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අඟහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණය සඳහා ඉන්දියාව යැවූ මංගල්යාන් අභ්‍යාවකාශ යානය අද අලූයම අඟහරු ග්‍රහයාගේ කක්ෂය වෙත ඇතුළු වී ඇත.ඒ අනුව ආසියාවේ අඟගරු ජයගත් ප්‍රථම රට වීමට ඉන්දියාව අද (24) උදෑසන සමත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් සන්ධානය සමඟ කරට කර සටනක් දීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූයේ හරීන් ප්‍රනාන්දු තරුණ දේශපාලනඥයාගේ ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරය නිසා බව ඇමති එස්බී දිසානායක මහතා පැවසුවේය.
ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් රැගෙන ආ රුපියල් කෝටියක් වටිනා රන් කැබලි කිලෝ දෙකක් දණහිස් ආවරණවල බැඳගෙන ගුවන් තොටුපොළෙන් එළියට රැගෙන යමින් සිටි ඩියුටි ෆ්‍රී සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.