මාධ්‍යවේදීන්ට යළිත් සමාජ ශාලාවක්

Published in පුවත්
Saturday, 17 January 2015 12:15

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය සමාජ ශාලාවක් (press club) ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය. පෙරේදා(15) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය හා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.

සමස්ත මාධ්‍යවේදීන් වෙනුවෙන් සාකච්චා කිරීම, සම්මන්ත්‍රණ පැවැත්වීම මෙන්ම මාධ්‍ය සංගම් සඳහා කාර්යාල පහසුකම් ලබා දීමට හැකි පරිශ්‍රයක් ගොඩ නැගීමට අපේක්ෂාකරන බවත් එය දින සියයේ වැඩසටහන නිමාවීමට පෙර අවසන් කිරීමට හැකි තරම් උත්සාහ ගන්නා බවත් ඔහු කියා සිටියේය. චන්ද්‍රිකා කුමරණතුංග පාලන සමයේදී කොළඹ කො‍ටුවේ මාධ්‍යවේදීන් වෙනුවෙන් සමාජ ශාලාවක් ස්ථාපිත කර තිබුණද එය පසුව ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගනු ලැබීය.


මෙම සාකච්ඡාව වෙබ් මාධ්‍යවේදි සංගමය ඉල්ලා තිබුණේ වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි.

එසේම මෙහිදී විද්‍යුත් පුවත්පත්වල සේවය කරනු ලබන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් ද මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යවේදීන් මෙන්ම සම තැන ලා කටයුතු කිරීමටත් අනෙක් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලබාදෙන සියලුම සහන හා වරප්‍රසාදයන් ලබාදීමටද ඔහු අද වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගම් නිලධාරීන් හට පොරොන්දු විය.

එසේම වෙබ් මාධ්‍ය සම්බන්ධයෙන් පැවැති රජයට වඩා ලිහිල් ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීමට වත්මන් රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ සිටින බවද පරණවිතාන මහතා මෙහිදී හෙලි කළේය.

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ විගස වෙබ් අඩවි තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන් ජනපතිවරයාට, අගමැතිවරයාට, මාධ්‍ය අමාත්‍යවරයාට හා එහි ලේකම්වරයාටද ස්තූති කළේය.

පසුගිය කාලයේදී විද්‍යුත් පුවත්පත්වලට අනිසි බාධාවන් සිදු කළ අය සම්බන්ධයෙන්ද ස්වාධීන පරීක්ෂණයක් කරමින් සොයා බලන බවද ඔහු කියා සිටියේය. එසේ අනිසි ලෙස ක්‍රියා කල රාජ්‍ය සේවකයන් සමබන්ධයෙන් සොයා බලා ඒවාට විධිමත් පරීක්ෂණ පැවැත්වීම කෙරෙහි නව රජයේ වැඩි අවධානයක් යොමුව තිබෙන බවද ඔහු කීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us