අගවිනිසුරු අත් අඩංගුවට ගැනීමේ සූදානමක්

Published in පුවත්
Saturday, 17 January 2015 12:20

ජනතාව කෙරෙහි පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ජනරජයේ පරමාධිපත්‍යය අනුව මහජන ඡන්දයෙන් තෝරා පත්කරගනු ලබන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද ප්‍රතිඵලය විකෘති කොට රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව ශ්‍රී ලංකාවේ වත්මන් අග විනිසුරු මොහාන් පීරිස් මහතා අත් අඩංගුවට ගැනීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. 

 
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ හය වන පරිච්ඡේදයේ “රාජ්‍ය විරෝධි වැරදි“ යටතට ගැනෙන රජයට විරුද්ධව කිසියම් ආකාරයක ක්‍රියාකාරකමක නිරතවීම සම්බන්ධයෙන් 115 වන වගන්තිය යටතේ දඬුවම් කළ හැකි වරදක් සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙසේ අග විනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. 
 
හදිසි නීතිය පනවා ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිවරණය පැවැතිය දා අරලියගහ මැදුරේ දී රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබූ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළව සිදුකරන පරීක්ෂණයකට අනුව, අග විනිසුරු මොහාන් පීරිස් මහතා මෙසේ අත් අඩංගුවට පත්වීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ. 
 
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව පසුගිය බදාදා (14) ඉදිරිපත් කර ඇති පැමිණිල්ලෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු  විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන පිරිස් සමග එකතුව අග විනිසුරුවරයා මෙම කුමන්ත්‍රණය සැලසුම් කර ඇති බවටත් චෝදනාකර ඒ සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබුණු එහි දැක්වේ. 
 
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙමින් තිබියදී හිටපු ජනාධිපතිවරයාට අවාසි සහගත තත්ත්වයක් ගම්‍යවීමට පටන් ගැනීමත් සමග එම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම වළක්වා ගැනීම පිණිස කිසියම් කුමන්ත්‍රණකාරී වැඩ සටහනක් ඉදිරියට ගැනීමට මොහාන් පීරිස් අග විනිසුරුවරයා මෙසේ සෙසු පිරිස පොළඹවා නීති උපදෙස් දී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 
 
ඉන් නොනැවතී රට පුරා හදිසි නීතිය පනවා රටේ අසාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය කර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන යුද හමුදාව යොදා වැටලීමේ සූදානමක් සඳහා ද අග විනිසුරුවරයා විසින් මෙහිදී නීතිමය උපදෙස් ලබාදුන් බවට ද තොරතුරු ලැබී තිබේ. 
 
මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම ඔහුගේ සමස්ත කාර්ය මණ්ඩලය පනාගොඩ යුද හමුදා කඳවුරෙන් හමුදා භට සේනාංක කැඳවා වටලා රට අස්ථාවර කර අතිශය භයානක තත්ත්වයක් නිර්මාණය කරන්නටද ඒ සඳහා අවශ්‍ය අධිකරණ බලය සැපයීමටද හෙතෙම මෙහිදී ඉදිරිපත් වූ බවටත් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී   ඇත. 
 
මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමය නීතිපතිවරයා, යුද හමුදාපතිවරයා මෙන්ම පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත එය ක්‍රියාත්මත නොවුණු බවටද තොරතුරු දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. 
 
අග විනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව නැගී ඇති මෙම චෝදනා රජයට විරුද්ධව කැරැළි ගැසීමකට හෝ  යුද්ධ කිරීමකට අනුබල දෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදිත රාජ්‍ය විරෝධි වැරදි ගණයට ගැනෙන චෝදනාවක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති. 
 
එසේම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 115 වන වගන්තියේ ප්‍රතිපාදිත රාජ්‍ය විරෝධි වැරදි ගණයට ගැනෙන චෝදනාවක් යටතේ යම් වරදක් ලංකාවේ රාජ්‍යත්වය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කරන තැනැත්තෙකුට අවුරුදු 20 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු වන අතර දඩයකටද ඔහු යටත් විය යුතුය. 
 
මේ හා සමාන ආකාරයේ චෝදනාවලට අදාළව විවිධ පුද්ගලයින්ට එරෙහිව අධිකරණය මීට පෙර ක්‍රියාකළ පූර්ව අධිකරණ තීන්දු ද පවතී. ඒවා අතුරින්   ‘රැජිණ එරෙහිව හේන්පිටගෙදර ඥාණසීහ හිමියෝ (1968), ලියනගේ එරෙහිව රැජිණ (1966), රැජිණ එරෙහිව අබේසිංහ(1966) යන නඩු තීන්දු වැදගත් කොට සැළකේ.
 
මෙහි රහස් පොලිස් පරීක්ෂණ අද ඇරඹීමට නියමිත අතර මොහාන් පීරිස් හැරුණු විට පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ජී.ඇල් පීරිස් ගම්මන්පිල යන අයගෙන්ද කට උත්තර ලබා ගැනීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් යෙදවීමට නියමිත ය. 
 
ටී. ජයකුමාර් විසිනි
 
උපුටා ගැනීම lankaenews

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us