මහින්දගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් හදනවා - වාසූදේව

Published in පුවත්
Saturday, 17 January 2015 12:58

එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒ සඳහා ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය, මහජන පක්‍ෂය ඇතුළු පක්‍ෂ කීපයක් එකඟතාව පළකර ඇති බවත්, දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ එම ස්ථාවරයේම පිහිටා සිටින බවත් තමන්ට විශ්වාස යැයි ඒ මහතා පවසයි.


වත්මන් ආණ්ඩුවෙන් රටට හා ජනතාවට හානියක් සිදුවේ යැයි තමන්ට හැඟෙන බවද ඒ මහතා පවසයි. දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඡන්ද නොලැබීම නිසා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වූ බවට ගෙන යන ප්‍රචාරය නිසා නැවැත ජාතිවාදය ඇවිස්සීමක් වන බවද එම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවද පවසන ඒ මහතා හිටපු ජනාධිපතිවරයාට සිංහල බෞද්ධ පළාත්වල ඡන්ද නොලැබීම ඔහුගේ පරාජයට හේතුවිණැයිද කීය.

මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව තම පක්‍ෂවලට පූර්ණ විශ්වාසයක් ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබුණේ ඔහු යහපත් පාලනයක් ගෙන ගිය නිසා බවත් ශ්‍රී ල.නි.ප.ය වත්මන් ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය පිළිබඳව තමන් කනගාටු වන බවත් ඒ මහතා පවසයි.


mawbima

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us